Friday, January 24, 2020

මාතර මහ රෝහලේදී "පිරිමියෙකුට" බබෙක් හම්බවෙයි - මව් කිරි වෙනුවට දරුවාට පිටි කිරි දෙයි

පිරිමි පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි වී මාතර රෝහලට ඇතුලත් කළ අයෙකු දරුවෙකු ප්‍රසූත කළ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තාවනවා.

අදාළ පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තාවන්නේ.

ප්‍රථමයෙන් මොහු රෝහල්ගතකර ඇත්තේ උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමටයි.

කෙසේ වෙතත් එහිදී ඔහු ඇතුලත් කර සිටි පිරිමි වාට්ටුවේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ උදරය පරීක්ෂා කිරීමේදී ඔහු ගැබ්ගෙන ඇති බවත් ඔහු කාන්තාවක් බවත් හඳුනාගෙන තිබෙනවා.

පසුව වෛද්‍ය උපදෙස් මත කඩිනමින් මෙම පුද්ගලයා ගැබිණි මව්වරුන්ගේ වාට්ටුවට ඇතුලත් කර
තිබෙනවා.

එහිදී කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම පුද්ගලයාට එම වාට්ටුවෙන් චීත්තයක් සහ බෙඩ් ජැකට්ටුවක් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරුව මෙම පුද්ගලයා විසින් පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇතිබවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දරුවාට අවශ්‍ය මවුකිරි ලබාදීමට මෙම පුද්ගලයාට පියයුරු නොමැතිවීම හේතුවෙන් දරුවාට අවශ්‍ය පිටිකිරි ලබාදීම ආරම්භ කර තිබෙනවා.

පිරිමියෙකු ලෙස ශරීර ලක්ෂණ තිබූ මෙම පුද්ගලයා දීර්ඝ කලක් ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිට තිබෙනවා.

මෙහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇතිවූ තත්වයක් හේතුවෙන් මෙලෙස පිරිමියෙකු ලෙස හැසිරී ඇති බවයි.

උපතින් එම පුද්ගලයා කාන්තාවක් බවත් අනතුරුව සැත්කමක් සිදුකර පියයුරු ඉවත්කර බවත් එහිදී වැඩිදුර තොරතුරු අනාවරණ වී තිබෙනවා.

 
under the courtesy ofgossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka