සැකකරු පිළිබඳ මානසික වාර්තාවක් කැඳවීමට නියෝග
බළන්ගොඩ, දොරවෙල පාළම මතින් තම දරුවන් දෙදෙනා ගඟට දැමීමට තැත් කළ පියකු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා (28
දා) නියෝග කළේය.විදේශගත වී ගෘහ සේවිකාවක් ලෙස රැුකියාව කරන බිරිඳගේ අයථා සබඳතාවක් සැලවීමෙන් පසු මෙම තැනැත්තා වයස අවුරුදු 3 ක් සහ අවුරුදු 12ක දරුවන් දෙදෙනා ගඟට දැමීමට උත්සාහ දරනු අසල සිටි අයකු දැක තිබේ. වහාම කි‍්‍රයාත්මක වූ ඔහු එය වළක්වා පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසු මෙම සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු සම්බන්ධව මානසික වෛi වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
පරිවාස අධීක්‍ෂණය යටතේ අවුරුදු 12 ක් වූ ගැහැනු දරුවා හා අනෙක් පිරිමි දරුවා ඥාති නිවසකට භාරදී තිබේ.
බළන්ගොඩ - එන්. එච්. පියසේන
under the courtesy of divaina.com news web