හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටි එකම පවුලේ පියා හා බෑනා සමග ඔවුන්ගෙන් හෙරොයින් මිලදී ගත් බව කියන පුතා ඇතුළු හත් දෙනකු බියගම පොලිසිය මගින් පෙරේදා (22 වැනිදා) පස්‌වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
තවද එම ජාවාරම්කාර පියා හා බෑනා ළඟ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 2500 ක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඉන් මිලි ග්‍රෑම් 1200 ක් පියා ළඟ හා මිලි ග්‍රෑම්ස් 1300 ක් බෑනා ළඟ තිබිණි.
තවද පුතා ඇතුළු හත්දෙනා ළඟ හෙරොයින් මිලි ග්‍රෑම් 100 බැගින් මිලි ග්‍රෑම් 700 ක් තිබී හමුවී තිබේ.
එම ජාවාරම්කාර පියාට හා බෑනාට හෙරොයින් සම්බන්ධව නඩු මහාධිකරණයේ විභාග වෙමින් පවතින

බවද පොලිසිය පැවසීය.
අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‌ෂක ඩී. එම්. එස්. රාජපක්‍ෂ මහතාට ලද තොරතුරක් මත බියගම ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුතා ඇතුළු හත් දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන් ඒවා මිලදී ගත් බව කියන පියා හා බෑනා පසුව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
එම සියලු දෙනාම බියගම හා අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 ත් 57 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
බියගම පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‌ෂක අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‌ෂක ඩී. එම්. එස්. රාජපක්‍ෂ, සැරයන් අල්විස් (26942), පො. කො. ගුණරත්න (37826), ගුණවර්ධන (86476), ප්‍රියන්ත (45454), සේනානායක (88674) හා සුරේෂ් (93663) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදුකරනු ලැබූහ.
දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන

under the courtesy of divaina.com news web