Saturday, January 4, 2020

මාමා ඇඳ උඩ හිටගෙන නිදි; අක්‌කාත් නිදාගෙන ඉන්නවා යෑයි දුව කීවා.... සහෝදරිය කියයි

ජනවාරි 01 දා මම කිරිබත් හදලා දුව අතේ අයියලාගේ ගෙදරට යෑව්වා. දුව එහාට ගිහින් ඇවිත් කිව්වා, අම්මේ මාමා ඇඳ උඩ හිටගෙන නිදි අක්‌කා ඇඳ උඩ නිදාගෙන ඉන්නවා කියලා. අපි ඉක්‌මනට අයියලාගේ ගෙදර ගිහින් බලනකොට අයියා ඇඳට උඩින් ලීයක එල්ලිලා හිටියා. එයාගේ දුව ඇඳ උඩ වැටිලා ඉන්නවා දැක්‌කා.

ජනවාරි 01 දා අලුයම හෝ ඊට ආසන්න වෙලාවක මිය ගොස්‌ සිටි මින්නේරිය පොලිස්‌ වසමට අයත් ජයන්තිපුර, යාය හේන්කොළවෙල අංක 79/1 ලිපිනයේ පදිංචිකරුවන් වූ හේරත් මුදියන්සේලාගේ වසන්ත කුමාර (45) හා හේරත් මුදියන්සේලාගේ විශ්මි දිල්ෂානි යන පියා හා දියණියගේ මරණ සම්බන්ධයෙන් පැවැති මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයේදී ප්‍රකාශයක්‌ දෙමින් මිය ගිය අයගේ සහෝදරිය වන එච්. එම්. සමුද්‍රd කුමාරි යන අය එසේ පැවසූවාය.

මෙම මහේස්‌ත්‍රාත් පරීක්‍ෂණය හි`ගුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් සනත් නානායක්‌කාර මහතා ඉදිරියේ
පැවැත්වුයේ ඉකුත් ජනවාරි 01 දා දහවල් සිද්ධිය වූ ස්‌ථානයේදීය.

මෙහිදී තව දුරටත් සාක්‍ෂි දුන් ඇය මෙසේද පැවසූවාය. මිය ගොස්‌ සිටින්නේ මගේ අයියා. එයා විවාහ වෙලා ඉන්නේ. එයාගේ බිරිඳ නිතර රට යනවා. එහෙම ගිහින් ඉඳිද්දී එයාගේ බිරිඳගේ නංගීත් එක්‌ක අයියා ජීවත් වුණා. එ දෙන්නට දරුවෙක්‌ ඉන්නවා. ඔය නැතිවෙලා ඉන්නේ ඒ දරුවා. පවුල් ප්‍රශ්න නිසා අයියා නිතර කල්පනා කළා. සිත් තැවුලෙන් හිටියා. සිද්ධිය වූ දවසේ රෑ අයියා බිරිඳගේ අම්මට බෙහෙත් වගයක්‌ එහෙම ගෙනත් දීලා දුවත් එක්‌ක ගෙදර ගියා. ඒ වෙනකොට රෑ 8.30 ට විතර ඇති.

පහුවදා උදේ ජනවාරි 01 දාට මම කිරිබත් හැදුවා. අයියලගේ ගෙදර තියෙන්නේ අපේ ගෙවල් කිට්‌ටුවමයි. ඒ නිසා අවුරුදු 07 ක්‌ වන මාගේ දුවගේ අතේ අයියලගේ ගෙදරට කිරිබත් යෑව්වා. දුව අයියගේ ගෙදරට ගිහින් බලනකොට එහෙ දොරවල් වහලා තිබිලා තියෙන්නේ. දුව ජනේලයකින් බලනකොට අයියා ඇඳට උඩින් එල්ලි ඉන්නවා දැකලා. දුව ඇඳ උඩ නිදාගෙන ඉන්නවා කියලා මට ඇවිත් කිව්වා.

දුව ඒ කතාව කියපු ගමන් මමත් තව කීප දෙනකුත් අයියලාගේ ගෙදරට දුවගෙන ගියා. එහෙම ගිහින් බලනකොට අයියා ඇඳට උඩින් ලීයක එල්ලිලා ඉන්නවා දැක්‌කා. එයාගේ දුව ඇඳ උඩ නැතිවෙලා හිටියා. මේ මරණ සිද්ධ වුණේ කොහොමද කියලා මම කියන්න දන්නේ නැහැ.

මෙහිදී මිය ගිය අයගේ සහෝදරයකු වන එච්. එම්. සමන් කුමාර හේරත් යන අයද ප්‍රකාශයක්‌ ලබා දුන්නේය.

හි`ගුරක්‌ගොඩ මහේස්‌ත්‍රාත් සහන් නානායක්‌කාර මහතාගේ නියෝගය මත මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ පොලොන්නරුව මහා රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී. එල්. වෛද්‍යරත්න මහතා විසින් පෙරේදා (01දා) සවස සිදු කරන ලදි. එහිදී එච්. එම්. වසන්ත කුමාර යන අයගේ මරණය ගෙළ වැලලා ගැනීම නිසා හුස්‌ම සිරවීමෙන් සිදු වූ මරණයක්‌ බවට වෛද්‍යවරයා නිගමනය කළ අතර දැරියගේ මරණය සම්බන්ධ විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන ලදී. මරණයට හේතුව නිශ්චිතව හඳුනා ගැනීම සඳහා සිරුරු කොටස්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට ද අධිකරණ වෛද්‍යවරයා තීරණය කළේය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ධම්මික වීරසේකර මහතාගේ උපදෙස්‌ මත මින්නේරිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. සී. රත්නායක මහතාගේ මෙහෙයවීම මත උප පොලිස්‌ පරීක්‍ෂක ඩී. එස්‌. එස්‌. කේ. දෙලවල, සැරයන්වරුන් වන ජී. පී. එම්. බණ්‌ඩාර (22432), ඩී. එම්. අරුණ දිසානායක (35074) යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලබයි.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka