Wednesday, January 1, 2020

බොරු චෝදනාවකට ඇල්ලූ අයෙකුට වධ දුන් මහව හිටපු පොලිස් ලොක්කන් දෙදෙනෙක්ට වැඩ වරදී

මහව මූලස්ථාන පොලිසිය මඟින් නීති විරෝධීව අත්අඩංගුවට ගත් සැකකරුවකුට මුදලින් රුපියල් 2,50,000ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මහව  හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ කොස්තාපල්වරුන් දෙදෙනකුට සහ රජයට නියෝග කළේය.

ඒ අනුව මහව  හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට සහ එම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පෙත්සම්කරුට වෙන් වෙන් වශයෙන් තම පෞද්ගලික මුදලින් රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසයි.

තවද රුපියල් 25,000 බැගින් වෙන් වෙන් වශයෙන් පෙත්සම්කරුට වන්දි ගෙවන ලෙසට මහව මූලස්ථාන පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුටද නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 1,00,000ක මුදලක්
පෙත්සම්කරුට වන්දි වශයෙන්  ගෙවන ලෙස රජයට නියෝග කළේය.

මහව, නාගොල්ලාගම, උණගස්වැව පදිංචි එච්.එම්. ඉන්දික කාංචන හේමන්ත මහතා නීතිඥ ඩී.එස්. සේනක මහතා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ මූලික අයිතිවාසිකම් නඩුවේ  තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  මෙලෙස නියෝග කෙරිණි.

ප්‍රියන්ත ජයවර්ධන, පී්‍රති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලිණි. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ  වගඋත්තරකරුවන්  ලෙස නම් කර ඇත්තේ 2012 වසරේ ජූනි මස 26 වැනි දින - වකවානුවේ මහව  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව සිටි චන්න අබේරත්න, මහව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපතිවරයාව සිටි  පොලිස් පරීක්ෂක එල්. රත්නායක සහ එම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් වන  කේ.එම්. අබේසිංහ සහ එච්.ආර්. සමන්සිරි ධර්මපාල යන අයවළුන්ය.

මහව හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ මහව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු විසින් පෙත්සම්කරු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන විවිධ වධහිංසා පැමිණවීම තුළින් එම ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට නිගමනය කරමින්  ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කර ඇත.

පෙත්සම්කරු පොලිස්  අත්අඩංගුවට ගැනීමේදී මෙම නඩුවේ 3 වැනි වගඋත්තරකාර මහව හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ 4 වැනි වගඋත්තරකාර මහව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා සිය වගකීම් පැහැර හැර ඇති බවට නිගමනය කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය 3 සහ 4 වැනි  වගඋත්තරකාර නිලධාරීන් වගකීම් පැහැර හැරීම නිසා පෙත්සම්කරුට බරපතළ හානියක් සිදුව ඇති බවද පවසා තිබේ.

රාජකාරියට පෙනී සිටීම රාජකාරිමය  වගකීමක් ඉටු කිරීමක් නොවන බව අවධාරණය කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, තමන් යටතේ සිටින නිලධාරීන් සිදුකරන රාජකාරි අධීක්ෂණය කිරීමට වගඋත්තරකාර නිලධාරීන් නීතියෙන් බැඳී සිටින බවද  සඳහන් කර තිබේ.

ත්‍රිකුණාමලය දුම්රියේ මගී  කාන්තාවන් දෙදෙනකුගේ ගමන් මලු දෙකක තිබූ රුපියල් 4,20,000ක පමණ මුදලක් පැහැරගත් බවට චෝදනා කරමින්  වගඋත්තරකාර  පොලිස් නිලධාරීන් විසින් 2012.06.26 වැනි දින පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන පහරදී ඔහුට විවිධ වධහිංසා පමුණුවා ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තාව මඟින් තහවුරු වී ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවේ සඳහන්ය. ඒ අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වරදක් සිදු නොකර තිබියදී නීතියට පටහැනි අයුරින් බවත් ඒ තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවත්  ශේ‍ර්ෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට තිබේ.

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka