අනියම් බිරියගේ අකැමැත්තෙන් ගබ්සාවක් කිරීමට කටයුතු කිරීමේ චෝදනාව මත තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අයකු ජනවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ. රමිලා නදීශානි මහත්මිය නියෝග කළාය. තඹුත්තේගම පදිංචි 34 හැවිරිදි දෙදරු පියකු මේ අයුරින් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අවුරුදු 4ක පමණ කාලයක සිට තඹුත්තේගම නල්ලච්චියේ පදිංචි වැන්දඹු කාන්තාවක් සමඟ සැකකරු අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබේ.
මෙම කාන්තාවට විවාහ වූ දරුවන් දෙදෙනකු සිටින අතර ඔවුන් විවිධ රැකියාවල නිරතවේ. සැකකරුටද

පාසල් යන වයසේ දරුවන් දෙදෙනකු සිටින බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ. සැකකාර තරුණයා වරින්වර නිවෙස් දෙකේම ගත කර ඇති බව කියැවේ.
මේ අතරවාරයේදී අනියම් බිරිය ගැබ්ගෙන ඇති අතර සැකකරු ගබ්සාවක් කිරීමට ඇයට යෝජනාකර ඇත. ඒ අනුව සැකකරුගේ බලපෑම් මත පෞද්ගලික ප්‍රතිකාර කරන දෛ්‍යවරයකුගෙන් රුපියල් 12,000ක් වටිනා ඖෂධ ලබාගෙන තමන්ට පානය කිරීමට දුන් බව පවසා ඇය තඹුත්තේගම පොලිසිය පැමිණිලි කර තිබෙනවා.
ඒවා පාවිච්චි නොකරන ලෙස පොලිසිය උපදෙස් ලබාදුන්නද ඇය ඒවා පානය කර සැකකරු සේවය කරන ස්ථානයට ගොස් ආපසු එමින් සිටියදී මැදවච්චිය නගරයේදී තමන්ට ක්ලාන්ත ගතියක් ඇතිවූ බවත් පසුව අනුරාධපුරයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත් බවත් පවසමින් නැවතත් ඇය තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර තිබිණි.
පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දරුගැබක් විනාශ කිරීමට අනුබල දුන් වෛද්‍යවරයා පිළිබඳව විමර්ශනයක් වෙනම පැවැත්වීමට පොලිසියට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

under the courtesy of mawbima.lk news web