ඩුබායි හි පදිංචි කෝටිපති 60 හැවිරිදි ධනවත් විවාහක කාන්තාවකගේ නිවසේ සේවය කරමින් සිට පසුව එම නිවසින් රුපියල් කෝටි 3 1/2 ක රන් අභරණ සහ රුපියල් ලක්‌ෂ 10 ක විදේශ මුදල් සොරාගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව කියන තරුණයකු දෙසැම්බර් 30 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රd ජයසූරිය මහත්මිය නියෝග කළාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අනුව මෙහි සැකකරු වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික විතාන (30) නමැති අවිවාහකයෙකි. මෙහිදී පැමිණිල්ලෙන් අනාවරණය වූ පරිදි

මෙම සැකකරු ඩුබායි හි පදිංචි කෝටිපති ධනවත් කාන්තාවකගේ නිවසේ සේවය කර ඇත.
ටික කලකදී සැකකරු මෙම ධනවත් කත සමග හිතවත්වී පසුව ඇය සමග ඉතා කිට්‌ටු ඇසුරක් පවත්වා ඇත. ඒ අතරතුර ධනවත් කත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇත. මෙම වකවානුවේ සැකකරු ධනවත් කතගේ රන් අභරණ සහ විදේශ මුදල් සොරාගෙන ශ්‍රී ලංකාවට හොර රහසේ පැමිණ ඇත. මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය දෙසැම්බර් මස 30 වැනිදා පැවත්වෙයි.

under the courtesy of divaina.com news web