Sunday, December 8, 2019

පොහොර උරයක බහා, මහමඟ දමා ගිය, දවසක් වයසැති බිළිඳිය, රෝහල් කාර්යමණ්ඩලයේ උණුසුම ලබන හැටි - Video

අලුත උපන් බිළිඳියක් උරයක බහා කැලැවක දමා ගොස් තිබියදි පුත්තලම පොලීසිය මැදිහත් වි පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව නොමේරු ඒකකයට ඇතුලත් කර ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා පවසයි.

අදාළ  බිළිඳිය පුත්තලම කුරූණැගල මාර්ගයේ 4 කනුව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි රජයේ රක්ෂිතයේ මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබු බව පැවසේ.

මේ මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකු ශරිර අවශ්‍යතාවයක් සදහා කැලැව දෙසට ගමන් ගමන් කරද්දී කුඩා දරුවෙකු හඩනු ඇසි ඒ ගැන විපරම් කරද්දි බිළිඳිය කුඩා උරයක බහා තිබු දැක පොලීසියට දැන්විමට කටයුතු කර ඇති බව කියයි.

පසුව පුත්තලම පොලීසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණ  1920 සුව සැරිය ගිලන් රථයක්

ගෙන්වා කඩිනමින් පුත්තලම රෝහලට යැවිමට කටයුතු කල බව කියයි.

 පුත්තලම රෝහලට ඇතුලත් කළ  බිළිඳිය රෝහල් කාර්ය මණ්ඩලය  එක්වි කඩිනමින් පිරිසිදු කර නොමේරු ඒකකයට ඇතුලත් කර මේ වනවිට අදාළ ප්‍රතිකාර  ලබා දිම අරඹා ඇති බව කියයි.

පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසා සිටියේ දැරිය ඇගේ මව ප්‍රසුත කර පැය කිපයක් කැලැවේ රැඳි  සිට ඇති බවත් මේ වන විට නොමේරු ඒකකයේ ප්‍රතිකාර  ලබමින් සිටින බවයි .

දැරිය කැලැවේ දමා ගිය ඇගේ මව සොයා පුත්තලම පොලීසිය පරික්ෂණ අරඹා තිබේ .
 
under the courtesy of ada.lk news web & gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka