Sunday, December 8, 2019

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ට පවුම් 2400 ක දඩයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් ඔහු වරදකරු බවට පත්ව තිබේ.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියකට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනිණ.

ඊයේ දිනයේ එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කළේ මහජන සාමය පනත උල්ලංඝනය
කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩ මුදලක් නියම කරන බවයි.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු මහතා “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කර තිබේ.

මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කර තිබුණි.

under the courtesy of ada.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka