Saturday, December 7, 2019

"එයාගේ තිබුණ හීනේ මේක, මගෙන් ඇහුවා යන්නද කියලා. එයාගේ සතුට ඒකනම් යන්න කියලා මම කිව්වා.." - 35 වසරකට පසු විවාහක රූ රැජිණ කිරුළ මෙරටට ගෙනා කැරොලින් ජූරීගේ සැමියා කියූ දේ - Video

ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවැති 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගන්නට ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරී සමත් වුණා.

ශ්‍රී ලාංකික රූ රැජිණියක් නැවතත් එම කිරුළ හිමිකර ගනු ලැබුවේ වසර 35කට පසුවයි.

ශ්‍රී ලංකාවේ පැවැති විවාහක රූ රැජිණ තරගාවලියකින් ජයගත් කැරොලින් ජුරි පසුගිය නොවැම්බර් 30 වනදා ඇමරිකාවේ ලාස්වේගාස් බලා පිටත්ව ගියේ ලෝක විවාහක රූ රැජිණ තරගවලියට සහභාගිවීම සඳහායි.

ඊට රටවල් 51ක් නියෝජනය කරමින් සුරූපී විවාහක

කාන්තාවන් එක්ව සිටියා.

අවසන් මහා තරගයට සහභාගිවීමට ප්‍රථම කැරොලින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර තිබුණා.

"මම නියෝජනය කරන්නේ මගේ ශ්‍රී ලංකා මාතෘ භූමිය. මම මගේ මව් රටට අභිමානය රැගෙන එන්න සූදානමින් ඉන්නේ. ඒ වගේම මා හට ශක්තියක්, ධෛර්ය ලබා දී මාව දිරි ගැන්වූ සියලුදෙනාටම ස්තූතියි."

දින කිහිපයක් පැවැති තරගකාරී වට කිහිපයකින් අනතුරුව ඊයේ රාත්‍රීයේ ලාස්වේගාස් හි දි ලෝක විවාහක රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණා.

එහිදී අයර්ලන්තයේ සුරූපිනිය දෙවන ස්ථානයට පත් කරමින් ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළු පැළඳියා.

1984 වසරේ පැවැති ප්‍රථම ලෝක විවාහක රූ රැජිණ කිරුළ රෝසී සේනානායක මහත්මිය විසින් දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකික කාන්තාවක් එම කිරුළට හිමිකම් කීවේ වසර 35කට පසුවයි.

2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනාගත් කැරොලින් මේ වනවිට 27 වන වියේ පසුවනවා.

නිශාන්ත දීපාල් සමඟ විවාහ දිවියට පත්ව සිටින ඇය වයස අවුරුදු 2ක දියණියකගේ මවක්.

ඔවුන් පදිංචිව සිටින්නේ වත්තල - මහබාගේ ප්‍රදේශයේයි.

ඩුබායිහි පුද්ගලික ආයතනයක සේවය කරන කැරොලින් සැමියා සමගින් බොහෝ කලක් ජීවත්ව ඇත්තේ ද ඩුබායි රාජ්‍යයේයි.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka