Wednesday, December 25, 2019

"බෝම්බයක් ගහනව වගේ ශබ්දයක් ඇහුණා. ගෑනු කෙනෙක් මරළතෝනි දෙමින් කෑගැහුවා.." - අධිවේගයේදී විදේශිකයින් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක අනතුර ගැන, කන්ටේනර් රථ රියදුරා සාක්ෂි දෙයි -

වෑන් රථය පොඩිපට්ටම් වී තිබුණා. පිරිසක් ලේ විලක් මැද වැටිලා හිටියා...
අනතුරෙන් මගේ කකුලේ මහපට ඇඟිල්ල කැපුණා, අතට තැළීම් තුවාල වුණා..
වාහනවල පැමිණි අයගේ ආධාර ඇතිව තුවාලකරුවන් එළියට ගත්තා..

"මා කුරුඳුගහහැතැප්ම නගරය දක්වා කුලී ගමනක් පැමිණ නැවත කොළඹ දක්වා යාමට කන්ටේනර් රථය කුරුඳුගහ හැතැප්ම අධිවේගී මාර්ග පිවිසුමට ඇතුළත් කොට කිලෝමීටර් 06 ක් පමණ ඉදිරියට යන විට ලොරිය පිටුපස බෝම්බයක් ගහනව වගේ ශබ්දයක් නගමින් කන්ටේනර් රථය ඉදිරියට තල්ලූවී ගියා..."

"ඒ වෙලාවෙ වැස්සත් තිබුණා. මම මහත් වෙහෙසක් දරා කන්ටේනර් රථය වම් පැත්තට අයින් කොට රථයෙන් බැහැල පස්සට යනවිට රථයේ පිටුපස වෑන් රථයක් ගැටී පොඩිපට්ටම් වී තිබුණා.
වෑන් රථය ළඟට යන විට පිරිසක් තැළී පොඩිවී ලේ විලක් මැද වැටී සිටියා.."

වෑන් රථ කන්ටේනර් රථ අනතුරකින් මියගිය ඉන්දියන් ජාතිකයන් දෙදෙනකුගේ සහ වෑන් රථ රියැදුරුගේ මරණ සම්බන්ධයෙන් ඇල්පිටිය මූලික රෝහලේදී 24 දා පස්වරුවේ පැවති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් කන්ටේනර් රථ රියැදුරු වන ධම්මලාගේ නිමල් ශාන්ත එසේ සඳහන් කළා.

මෙම මාරක රිය අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ඉන්දියන් ජාතිකයන් වන විමල් ගංගා ප්‍රසාද් (80) සිංගාල් කනුප්‍රිය (44) සහ වෑන් රථ රියැදුරු ගල්බොඩ පයියාගලගේ ජවත් ලක්‍ෂ්මන් කරුණාරත්න (67) යන අයයි.

වැඩි දුරටත් සාක්‍ෂි දුන් කන්ටේනර් රථ රියැදුරු වන නිමල් ශාන්ත මහතා මෙසේ පැවසුවා.

"සිද්ධිය වන විට රාත්‍රී 7.30 ට විතර ඇති මම අධිවේගී මාර්ගයට රථය ඇතුළු කර විනාඩි 15 ක් වත් ගියේ නෑ. කිලෝමීටර් 06 ක් විතර යනකොටයි මේ අනතුර සිදුවුණේ. අනතුර සිදුවූ වහාම මම රථයෙන් බැස පස්සට යන විටයි දැක්කේ අනතුර ගැන. මම වෑන් රථය ඉදිරියට යන විට ගෑනු කෙනෙක් මරළතෝනි දෙමින් කෑගැහුවා. මම පාරට පැන වාහන කීපයක් නැවැත්තුවා. ඒ වාහනවල පැමිණි අයගේ ආධාර ඇතිව තුවාලකරුවන් එළියට ගන්නාවිට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සියලූ දෙනා සමග වෑන් රථය තුළ තැළී පොඩිවී ලේ විලක් මත සිටි අය එළියට අරගෙන රෝහලට යැව්වා..."

"අනතුරෙන් මගේ කකුලේ මහපට ඇඟිල්ල කැපුණු අතර දකුණු අතට තැළීම් තුවාල සිදු වුණා. පොලිස් නිලධාරීන් මාවත් රෝහල්ගත කළා. මා රෝහලේදී දැනගත්තා මේ මාරක අනතුරෙන් තිදෙනකු මියගිය බව..."

මරණ පරීක්‍ෂණයේදී මියගිය ඉන්දියන් ජාතිකයන් වෙනුවෙන් හම්බන්තොට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ රන්දොඹගේ නිශාන්ත මහතා ද සාක්‍ෂි දුන් අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සාල් ජනරාල් ප්‍රේමකුමාර් නායාර් මහතා මියගිය අයගේ මෘත ශරීර හඳුනා ගත්තා.

මේ පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. ආර්. මුණසිංහ සහ අධිකරණ ද්‍ය නිලධාරී අජිත් ප්‍රසන්න ලේල්වලහෙට්ටි මහත්වරුන් විසින් පවත්වා රිය අනතුරකින් මියගිය අයගේ ශරීරවල අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලටම බරපතළ හානි සිදුවීම හා අභ්‍යන්තර රුධිර වහනයෙන් ඇතිවූ කම්පනය නිසා සිදුවූ මරණ බවට නිගමනය කරනු ලැබුවා.

පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාව පිළිබඳව ඉදිරිපත් වූ සාක්‍ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‍ෂක ආර්. ගාමිණී ඩයස් මහතා මෙම මරණ රිය අනතුරකින් සිදුවූ මරණ බවට නිගමනය කළා.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුම් පොළේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. එම්. ජී. නිශාන්ත මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්‍ෂක ජේ. එච්. රොහාන් මහතා පොලිස් සාක්‍ෂි මෙහෙයවනු ලැබුවා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka