විශිෂ්ට නමක් තබා ගනිමින් ජ්‍යෙෂ්ඨයින් බවට පත් වූ රංගන ශිල්පීන් අතර ඔහු ද ඇති බව සැකයක් නොමැතිව සටහන් තැබිය හැක. වේදිකාවත් රූපවාහිනියත් එක ලෙස ජයගත් ඔහු ඔබගේ ගෞරවාදරයට පාත්‍ර වූ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල්ය. මේ ඔහු ගැනය.
කොහොමද ගෙවන ජීවිතය.?
සැඳෑසමය සැහැල්ලූවෙන්, සතුටින් නිදහසේ ගත කරනවා. ඇත්තටම මම දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු නැහැ. තණ්හා ආසාවල් නැහැ. සරලව චාම්ව ජීවත් වෙනවා. රඟපෑම් කටයුතු නැති බොහෝ දිනවල වැඩි වේලාවක් කාලය ගෙවන්නේ මගේ මුනුබුරා එක්ක. දැන් මං සීයා කෙනෙක්. ඇත්තම කියනවා නම්

ජීවිතේ ගොඩක් සරල වෙව්ච නිසාම මම ගොඩක් සතුටින් අද ජීවත් වෙනවා.
මුනුබුරා එක්ක ගත කරන ජීවිතේ?
අම්මේ විස්තර කරන්න වචන නැති තරම්. මගේ දුවට චූටි පුතා ඉපදුණ දවසේ මට හිතට දැනුන බැඳීම මගේ දුවයි, පුතයි මට ලැබුණාට වඩා ලොකු බැඳීමක් ආදරයක්, සෙනෙහසක් දැනුණා.
ඔබ පියෙකු වන බව මුලින්ම කන වැකුණු සොඳුරු මතකය අදටත් මතකයේ තියෙනවාද?
ඔව්. මම ඒ සොඳුරු කතාව මෙහෙම පටන් ගන්නවා.
බුදුන් දවස එක බ්‍රහ්මයෙක් බමුණෙක් ළඟට ගිහින් අහනවා මේ ලෝකයේ තියෙන වටිනාම සම්පත කුමක් ද කියා. ඔහු පිළිතුරු දෙනවා ලොව තියෙන වටිනාම සම්පත මේ මහා පොළොව කියලා. මහා පොළොව නැත්නම් කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න බැහැ කියලා. ඒ පිළිතුරෙන් සෑහීමකට පත් නොවන ඔහු තවත් බමුණෙක්ගෙන් ඒ ප්‍රශ්නයම අහනවා. එවිට ඔහු පිළිතුරු දෙනවා ලොව වටිනාම සම්පත ජලය කියලා. පසුව තවත් බමුණෙකු ගාවට ගිහින් අහනවා ලෝකයේ වටිනාම වස්තුව මොකක් ද කියලා. ඔහු පිළිතුරු දෙනවා සූර්යයා කියලා. ඒ එකම පිළිතුරකින් වත් සෑහීමකට පත් නොවන බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් එම ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තුව උන් වහන්සේව මුණ ගැසෙනවා.
බුදු රජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා ‘පුත්තා වත්තු මනුස්සානං’ ලොව පවතින උතුම්ම සම්පත දරුවන් කියලා. මමත් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන පණිවිඩය කනට ඇසුණාම ඕන්න ඔය කතාව මතක් වුණේ. ලෝකයේ තියෙන උතුම් වස්තුවක් මටත් හිමි වීමට යනවා කියන හැඟීම.
මුලින්ම බලාපොරොත්තු වුණේ මොන දරුවෙක් ද?
අපේ සිංහල ජන වහරයේ විශ්වාසයක් තියෙනවානේ කුළුඳුලේ පවුලට ගැහැණු දරුවෙක් වාසනාවන්තයි කියලා. මමත් ඉතින් දියණියගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තු වුණා. අද වගේ තාක්ෂණය දියුණු වෙලා තිබුණේ නැහැ කුසේදීම උපදින දරුවා කවුද කියලා දැන ගන්න.
කොහොම නමුත් දියණිය උපන් දවසේ මට මහා සතුටක් හිතට දැනුණා. මගේම ලෙයින් ඉපදුනු මේ දරුවා කවදා හෝ දිනක තවත් පරම්පරාවක් ඉදිරියට ගෙනි යන්න අම්මා කෙනෙක් වෙනවා නේද කියන හැඟීම හැමදාම තිබුණා.
දියණියක් ලැබුණට මමයි, බිරිඳයි සතුටු වුණාට වඩා වැඩි සතුටක් මගේ අම්මයි තාත්තායි සතුටු වුණා මගේ පවුලේ ගැහැණු දරුවන් හිටියෙ නැති නිසා.
කොහොම නමුත් ඉතිං සොඳුරු මතකයන් එක්ක කාලය ගෙවී ගියා. දෙවැනි වරට පවුලට එකතු වුණේ පුතෙක්.
පුතෙක් ලැබුණු බව මට දැන ගන්න ලැබෙන්නේ රාජකපුරු නාට්‍යයේ දර්ශන කටයුතු සඳහා ගම්පොල ප්‍රදේශයේ ඉන්න කොට. කොහොම නමුත් ඉතිං පුතෙක් ලැබීමේ පණිවිඩය අහලා ලොකු සතුටක් හිතුනා. පරම්පරාවක් ගෙනියන්න මටත් පුතෙක් දැන් ඉන්නවා නේද කියලා.
ඇත්තටම රාජකාරි කටයුතුවල දී බොහෝ කාර්යබහුල වීම නිසා දරු දෙදෙනාගේ මූලික කටයුතු බොහොමයක් කාලයක් යනකම් සිදු වුණේ මගේ ආදරණීය බිරිඳගෙන්. ඒ නිසා ඇයටත් මගේ ප්‍රණාමය පුද කළ යුතුම වෙනවා. අද වෙන විට දුව විවාහකයි. ඇයට පුංචි පුතෙක් ඉන්නවා. මගේ පුතත් විවාහ ගිවිස ගෙන ඉන්නේ.
දරුවෝ ලොකු වෙලා කවුරුන් වෙනවාට ද කැමති වුණේ.?
එහෙම ලොකු බලාපොරොත්තු හිතේ තිබුණේ නැහැ. නමුත් ඔවුන් දෙන්නාම හොඳින් ඉගෙන ගත්තා. හොරණ තක්ෂිලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ දරු දෙදෙනා ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා දුව කොළඹ විශාඛා විද්‍යාලයටත් පුතා කොළඹ රාජකීය විද්‍යාලයටත් ඇතුළු වුණා.
ඔවුන් උසස් අධ්‍යාපනය හැදෑරුවේ විද්‍යා විෂයන් ගෙන්. පුතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ ගැන හැදෑරීම් කරලා, අද වන විට පෞද්ගලික අංශයේ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා. දුව පේරාදෙණිය සරසවියෙන් රසායන විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධිය හදාරා දැනට රැකියාවක නිරත වෙනවා.
විද්‍යා විෂයන් හැදෑරුවත් මම දියණියව පුංචි කාලේ නැටුම් පන්තියකට දැම්මා. පුතාට පුංචි කාලේ උපන් දිනේට වයලින් එකක් අරං දුන්නා. මට අවශ්‍ය වුණා ඔවුන් මොන තරම් අධ්‍යාපනයෙන් ඉහළට ගියත් කලාවේ රසයත් විඳින්න හුරු කරන්න. පුතා පාසලෙන් ඉවත් වෙනකොට ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කළ හැකි තරම් දක්ෂයකු වී තිබුණා. දියණියක් නර්තනය විෂයක් ලෙසට හොඳින් ප්‍රගුණ කර තිබුණා.
පිය සෙනෙහස කියන දේ ඔබේ හිතට දැනිලා තියෙන්නේ කොහොමද?
මේ ලෝකයේම තියන ශබ්දකෝෂවල වචන ගත්තත් පිය සෙනෙහස කියන එක නිර්වචනය කරන්න නම් බැහැ. ඒක තමයි ඇත්ත.
ඇත්තටම දරුවෝ ලැබුණාම හිතට දැනුණේ මුළු ලෝකයම මට දැන් අයිති කියන හැඟීමක්. ඒක හරිම උත්තරීතරයි. චීන කියමනක් තියෙනවා සාර්ථක මිනිහෙක් වෙන්න පුතෙක් හදන්න ඕනේ, ගහක් හිටවන්න ඕනේ, පොතක් ලියන්න ඕනේ කියලා. පොතක්ම නොලිව්වට නාට්‍ය තිරපිටපත් නම් සෑහෙන්න මා අතින් ලියැවී තිබෙනවා.
ඒ කරුණු තුනම මම සාර්ථකව කර තිබෙනවා. අද වෙන විට මගේ තාත්තයි අම්මත් අපි එක්ක ජීවත් වෙනවා.
ඇත්තටම කියනවා නම් අපේ පුංචි පවුලේ අද පරම්පරා හතරක් එකට ජීවත් වෙනවා.
එවැනි භාග්‍යයක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි. අද වෙන විට මගේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ මගේ මුණබුරා. සැඳෑ සමයේ දී විඳිය යුතු මානසික නිදහස නොඅඩුව ඔහු නිසා අද මා ලබනවා.
ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
මේ වන විට මට අවුරුදු 60ක්. ජීවිතයෙන් හතරෙන් තුනක් ගෙවා දමා ඉවරයි. තව ජීවිතයෙ ඉතිරිව තිබෙන්නේ හතරෙන් එකක කොටසක්. ඇත්තම කියනවා නම් වයස අවුරුදු 25/30 දී හිතට ආපු සිතුවිලි නොවේ. දැං අපිට දැනෙන්නේ. ජීවිතේ පරිණත බවක් හිතට දැනෙනවා. ඒ වගේම මේ ශරීරයත් හොඳටම දිරා යමින් තියෙන බව හැෙඟනවා.
මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක් කියලා කිසිම දාක, මම මගේ නැති වෙලා යන ශරීර අංගයන්ට කොටස් එක් කළේ නැහැ. කොණ්ඬේ ගිහින් තට්ටේ පෑදුණා කියලා විග් දාන්න ඕනේ කියලා මට කවදාවත් හිතුණේ නැහැ. අපි මේ සොබාදහමට අවනත විය යුතුයි.
කෙසේ නමුත් දෙමාපියන් දරු මුණුබුරෝ එක්ක සතුටින් එක වහලක් යට ජීවත් වෙන්න වාසනාව මට ලැබී තිබෙනවා. මොන දේ නැතත් ඒ සතුටට මම ගොඩක් ආදරෙයි.
ජීවන චක්‍රයේ බිළිඳෙකු ලෙසින් ඉපදිලා අද මම සීයා කෙනෙක් ලෙසින් ලෝකයට වටිනා දරු පරපුරක් බිහි කර තිබෙනවා. ලොව උතුම්ම සම්පතේ කොටස්කරුවෙක්. ඒ තරම් ජයග්‍රහණයක් තවත් කොයින් ද?

under the courtesy of gossip.hirufm.lk news web