Tuesday, December 24, 2019

"රෑ සැඩ පහර වැඩිවුණා, අනිත් අය ගස්වල එල්ලිලා කෑ ගැහුවා.." - අලුත විවාහ වූ, නිශානි හා කීර්ති, මගුරු ගඟට බිලි වී ගමක් හඬවමින්, අවසන් ගමන් ගිය හැටි

බුලත්සිංහල ඉහල වෙල්ගම සංගිත සංදර්ශනයක් නිමා වී ගමන් ගත් තරුණ යුවලක් මගුරු ගංගාවේ ස්ටෝරු මුල්ල තොටුපලේ අගුලෙන් නැගි එන විටදි අගුල පෙරළිමෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ උඩවත්ත කන්කානම්ගේ නිෂානි නිරංජිකා (20) සහ ඩී ලයනල් කීර්ති(21) යන අලුත විවාහවූ යුවළක්.

මේ දෙදෙනා සමග තවත් තරුණ තරුණියන් හා පාසැල් සිසුන් හා සිසුවියන් 7 ක් අගුල ගිලෙන අවස්ථාවේ දි අගුලේ සිට ඇති බවයි වාර්තා වන්නෙ.

22 වනි ඉරිදා රත්‍රියේ ඉහල වෙල්ගම ප්‍රදේශයේ පැවති සංගිත සංදර්ශනය අවසන් වී ඇත්තේ මධ්‍යම රාත්‍රියේ දියි.

රාත්‍රි 1.30ට සංගිත සංදර්ශනයෙන් සමුගෙන මෙම පිරිස මෝල්කාව ගලහිටිය නිවෙස් බලා එන විටදී
අතරමග හමුවන මගුරු ගගේ තොටුපලෙන් එතර විමට අගුලෙන් ගමන් කරද්දි ගගේ ජලය දරුනු ලෙස ඉහල ගොස් තිබිමත්, ගඟ ප්‍රචන්ඩ ලෙස උතුරා යෑම නිසාත් ගඟ මැද දි අගුල සැඩ පහරට හසුව ගිලි තිබෙනවා.

මෙම පිරිස කෑගසන විටදි ගඟ දෙපස නිවෙස් වල ජනතාව පැමිණ ගඟ ඉවුරේ තොටු පල පහල ගස් වල අතුවල එල්ලි අන්ධකාරයේ හිදිමින් ජිවිත බේරා ගන්නා ලෙස කෑ ගසන තරුණ තරුණියන් හා කුඩා දරුවන් ව ගොඩට ගෙන ජිවිත බේරා ගෙන තිබෙනවා.

අතුරුදන්ව ඇති නිෂානි සොයා බුලත්සිංහල පොලිසියේ අධීක්ෂණය යටතේ ගමේ තරුණ පිරිස දියේ බැස කිමිදිමින් මෙහෙයුමක යෙදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ දෙදෙනා විවාහා වී ඇත්තේ මීට මාස හයකට පෙරයි. නිෂානි මතුගම දොඩම්ගොඩ හා ලයනල් කීර්ති බදුල්ල බුත්තල යන ප්‍රදේශයේ පදිංචි අයයි.

නිෂානි දොඩම් ගොඩ විදුහලෙන් උසස් පෙල ද, ලයනල් බුත්තල විදුහලෙන් අ.පො.ස.විභාග කර ප්‍රේම සම්බන්ධයකින් විවාහ වී ගලහිටියේ ඥාති ගෙදරක සිට බුලත්සිංහල ඇගුලුම්හලක සේවය කර තිබෙනවා.

ජයසේන දොඩම්ගොඩ

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka