පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි සිංහපුර,පැරකුම්යාය ගම්මානයේ වෙසෙන 70 හැවිරිදි පී.ඒ. තෝමස් සිංඤෝ මහතා එක් අතක් අහිමි ආබාධ සහිත අයෙකි.අනුන්ගේ කුඹුරක කුලී වැඩට ගොස් සිටියදී සිදුවූ අනතුරකින් ඔහුට සිය වම් අත අහිමිවූ බව ඒ මහතා කියයි.
අත් ට‍්‍රැක්ටරයකට සවි කරන ලද වී හුළංකරන පංකාවක ආධාරයෙන් වී සුද්ධ කරමින් සිටියදී එහි පෙත්තතක් ගැලවී ඇගේ වැදී ඒ අනතුර සිදුව තිබේ.
ඉන් පසුව සිය ජීවනෝපායද අහිමිව සිටින හෙතෙම දැඩි ආර්ථික දුෂ්කරතාවයකටද පත්ව සිටී.ඔහු දැනට වාසය කරන නිවසද ඉතාමත් අබලන් තත්වයක පවතින අතර එය බිම ඇද

වැටෙන්නට ආසන්නව තිබේ.එහෙයින් තම අබලන් නිවෙස වෙනුවට එක් කාමරයකින් හෝ සමන්විත ජීවත්වීමට සුදුසු තත්වයේ නිවෙසක් ඉදි කර දෙන්නැයි ඒ මහතා පරිත්‍යාගශීලීන් වෙතින් ඉල්ලීමක් කරයි.
තෝමස් සිංඤෝ මහතාගේ ලිපිනය මෙසේය අංක515,පැරකුම්යාය,මහවැලි සිංහපුර, වැලිකන්ද
කරුණාරත්න ගමගේ
තෝමස් සිංඤෝ මහතාගේ ලිපිනය මෙසේය අංක515,පැරකුම්යාය,මහවැලි සිංහපුර, වැලිකන්ද
කරුණාරත්න ගමගේ
under the courtesy of divaina.com news web