Wednesday, November 13, 2019

බාල වයස්කාර පාසල් සිසුවෙකු මුදලට අපයෝජනය කළ දහනම හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

නම හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙකු බියට පත්කර මුදල් දී බර පතල ලිංගික අපයෝජනයක් සිදු කරන ලද දහනම හැවිරිදි සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයිග

සිසුවාගේ ළඟ පමණට වඩා මුදල් තිබෙනු දුටු පන්ති භාර ගුරුතුමිය ඒ බව විදුහල්පතිවරයාට දැන්වීමෙන් පසු විදුහල්පතිවරයා විසින් කරන ලද ප‍්‍රශ්න කිරිමේදී සිද්ධිය අනාවරණය වී ඇතග පසුව විදුහල්පතිවරයා විසින් පොලිසියට මේ පිළිබඳව දැනුම්දී තිබේග

පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට වින්දිත සිසුවාගේ පියා මිය ගොස් ඇති අතර මවද විදේශ ගතව සිටින නිසා මිත්තණියගේ නිවසේ නතරව සිට ඇතගඑසේ සිටියදී සැකකරු අවස්ථා කිහිපයකදී සිසුවාට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර එක් වාරයකට රුපියල් එකසිය පනහක් දී
ඇතගමේ අතර දිනක් අපයෝජනය කිරිමෙන් පසු රුපියල් පන් දහසක්ද දී තිබේග

සිසුවා ළඟ පමණට වඩා මුදල් තිබෙනු දුටු ගුරුවරිය ඒ බව විදුහල්පතිවරයාට පැවසීමෙන් පසු නිවසටද
ගොස් පරික්ෂා කර ඇතගඑහිදී සැකකරු විසින් දී තිබූ රුපියල් පන් දහසේ නෝට්ටුවද සිසුවා විසින් ලබා දී ඇතගඑම පන් දහසේ නෝට්ටුව නඩු භාණ්ඩයක් වශයෙන් පොලිස් බාරයට ගෙන ඇතග

වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුක්මන් කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උදයසිරි සැරයන්කොස්තාපල්වරුන්වන ප‍්‍රියන්ත:46001ෆ විජේසිංහ:72882ෆ කාන්තා කොස්තාපල් නිමේශා :2891ෆ යන මහත්ම මහත්මින් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇතග

අහංගම සුගතපාල දීයගහගේ

 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka