Saturday, November 2, 2019

සෙල්ෆියක් නිසා කළ මිනීමැරුමක්... දෙදෙනාගේ සෙල්ෆි නිරුවත් ඡායාරූප කිහිපයක් ඇගේ දුරකථනයේ!

සඳුන් තාරක ජයරත්න නිවිතිගල පදිංචි 21 වැනි වියේ පසුවූ භද්‍රයෞවන වියේ පසුවූ කඩවසම් සිරුරකින් හෙබි තරුණයෙකි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්වන ඔහු වැඩිදුර අධ්‍යාපනයෙන් මිදී පාසලට ආයුබෝවන් කියා මැණික් පතල් රැුකියාවට අවතීර්ණ විය. එයින් තරමක් අතමිට සරු වූ පසු ඔහු එම මුදල් වැයකර ත‍්‍රිරෝද රියක හිමිකාරිත්වය ලබාගෙන නිවිතිගල නගරයේ කොනක එය ගාල්කරගෙන කුලී ගමන් යාම රැුකියාව ලෙස තෝරාගත්තේය.

ප‍්‍රවේසම් සහගත පැදවීමත් පියකරු සිනහවත් සාධාරණ අයකිරීම්ද නිසා සඳුන් ඉතා ඉක්මනින්ම මගීන් අතර ජනප‍්‍රිය විය.

 මෙසේ ඔහු සොයාගෙන පැමිණි ගනුදෙනු කරුවන් අතර විජේ ලක්‍ෂමී රාණි නමැත්තියද විය. ඒ වන විට
ඇය 36 හැවිරිදි වියේ පසුවූ විවාහක සැමියාගෙන් වෙන්ව 9 හැවිරිදි වියේ පසුවූ දියණියකද සමග ජීවත්වෙමින් සිටියාය. කුඩා තේ වතු හිමියන්ට දලූ නෙළන්නියන් සහ සේවකයන් කණ්ඩායම් වශයෙන් සොයාදීම ඇගේ රැුකියාව වූ අතර අතමිට සරු වූ එම රැුකියාව නිසා ඇය නිතරම කාර්යබහුලව සිටි හෙයින් ගමන් බිමන්ද වැඩි විය.දමිළ කතක් ලෙස උපන්නද ඇය සුන්දර රූ සපුවකින් හෙබි ඇගේ ගමන බිමනේදී පැද්දෙන නැළවෙන සිරුරේ ලාලිත්‍යය බොහෝ දෙනකුගේ දෑස් දල්වන්නට සමත් විය.
 
බොහෝ දෙනකු කළාක්මෙන් රාණිද තම ගමන් බිමන් සඳහා තෝරාගෙන සිටියේ සඳුන්වය. ඇගේ නිරන්තර ගමන් බිමන් හේතුකොටගෙන රාණි තම මගීන් අතර සුවිශේෂ අයෙකු ලෙස සඳුන්ගේ හිත තුළ තැන්පත්ව තිබිණි. කුමන හේතුවක් නිසා හෝ රාණිගේ පැමිණීම සඳුන් නිරතුරුවම බලාපොරොත්තු විය.

 මේ අතර රාණිගේ යටි සිතද සඳුන්ගේ රුව වටා භ‍්‍රමණය වෙන්නට පටන්ගෙන තිබූ අතර ඔහු දැකගැනීමට ඇති ආශාව නිසාම වැඩක් ඇතිවත් නැතිවත් ඔහු සමග ගමන් බිමන් යාමට රාණි නිරතුරුවම පැමිණියාය. රාණිගේ පිරිපුන් සිරුරත් අඩවන් දෙනෙතින් රාණි ඔහු දෙසට හෙළුෑ නෙත්කොන් බැල්මත් නිසා සඳුන් ඇයට වශීව සිටියේය. දෙදෙනා අතර දැන හැඳුනුම් කම් වැඩිවී දෙදෙනාගේ ජංගම දුරකථන අංක හුවමාරු කරගැනීමෙන් පසුව ගොඩනැගී තිබුණු හිතවත්කම දෙදෙනා අතර ළෙන්ගතු ඇසුරක් ගොඩ නැගුවේය. රාණි සිතින් සඳුන්ම පෙම්කළ අතර සඳුන් රාණිගේ සිරුරට ඇලූම් කරමින් සිටියේය.

 දිනක් සඳුන්ට දුරකථන ඇමතුමක් ගත් රාණි

 ”හෙට ටිකක් දුර හයර් එකක් යන්න තියෙනවා මල්ලි ඔයාට එන්න පුළුවන්දැයි” ඇසුවාය.

 ”කොහාටද අක්ක?”

 ”කතරගමට මල්ලි හු`ගක් කාලෙකින් දෙවියො වඳින්නට ගියෙත් නැහැනෙ.......’’

 කීදෙනෙක් විතරද අක්කෙ..........?

 මම විතරයි මල්ලි......හැබැයි එදාම එන්නනම් බැහැ මල්ලි පහුවදා තමයි එන්ඩ වෙන්නේ.....



n4 1

ආ ඒකට කමක් නැහැ අක්කෙ මට ඉතින් ත‍්‍රීවීල් එකට වෙලා නිදාගන්නට හැකිනෙ....’’

 ත‍්‍රීවීල් එකේ දිනාගන්නෙ මොටද මල්ලි මම කාමරයක්  ගන්නම් ඔයාටත් එක්කම.

 රාණි සිනහසෙමින් එසේ පැවසූ විට තම සිරුර කිලිපොළා යන අයුරු සඳුන්ට දැණුනි. ඔහු සිටියේද ඇගේ පහස ඉල්ලා සිටීමට වචන ගොනුකර ගැනීමට අපහසුවය.

 කතරගම නවාතැන් පොළේ කාමරයට ඇතුළුවී දොර අගුළු දාගත් වහාම ඇය සඳුන්ව වැළඳගත්තාය.





 පෙම් කෙළියට ආධුනිකයෙකු වූ මුල්වරට ලත් ස්ත‍්‍රී පහසින් අන්දමන්දව ගොස් සිටි ඔහුගේ සිරුර ගැහෙන්නට විය.

 වසර 21 ක් තිස්සේ සුරැකි කුමරු බඹසර සඳුන් බිඳගත්තේ එදාය. සැමියාගෙන් වෙන්ව සිටි වසර 12 තිස්සේම බුරබුරා නැගෙමින් තිබු රාණිගේ කාම ගින්නට සඳුන් සීතල දිය දහරක් මෙන් විය. සඳුන්ව තම සිරුරට තුරුලූ කර ගත් ඇය සඳුන් මල්ලි අද ඉඳලා ඔයාගෙ ගෑනි තමයි මම. ඇය කීවාය.

 රාණී මේ සෘංගාරාත්මක හෝරාවන් සෙල්ෆියට නැගු බව සඳුන් දැන සිටියේ නැත. එසේ වුවද ඔහුට ඒ ගැන ගාණක් නැත.

 එදා ඔවුන් ඇරඹු අනියම් සබඳතාවය ලෝකයාට නොදැනී වසර 3 ක් තිස්සේ පවත්වාගෙන ගිය අතර දිවයිනේ නොයෙකුත් ස්ථානවල තිබූ ලැගුම් හල් රැසකදී ඔවුහු තම සිතැඟි ඉටුකර ගත්හ. එකී හමුවීම්වලදී එකිනෙකා තම කාම දාහය නිවාගත් අතර එයින් වැඩිම ආශ්වාදයක් ලද්දේ රාණිය. එමතුද නොව සඳුන්ව විවාහ බැම්මෙන් සිරකර තබා ගැනීමේ වුවමනාව දිනෙන් දිනම රෝගයක් මෙන් උත්සන්න වෙමින් තිබූ අතර ඉගියෙන් මෙන් එය දැනගත් සඳුන් ක‍්‍රමයෙන් ඇගෙන් ඈත්වීමට උත්සාහ කළේය.

 කරුණු මෙසේ සිදුවෙද්දී ක‍්‍රියාත්මක වූ රාණි තමාගේ ජංගම දුරකථනයට දමාගෙන සිටි දෙදෙනාගේ ඡායාරූප පෙන්වමින් තමා ළගදී විවාහ වීමට සිටින පුද්ගලයා ලෙසට සඳුන්ව හඳුන්වා දෙන්නට වූවාය. මෙයිනුත් තවත් පියවරක් ඉදිරියට තැබූ රාණි සඳුන් සහ ඇය පෙම්වතුන් ලෙස විවිධ ස්ථානවලදී හැසිරෙද්දී ගත් සෙල්පි ඡායාරූප කීපයක්ද මුහුණු පොතට ඇතුළත් කර තිබී ඒවා සඳුන්ගේ දසුනට ලක්විය.

 සඳුන්ට දෙවියන් සිහිවුනා පමණක් නොව තමා කරගත් අමන ක‍්‍රියාවේ භයානක බවද වැටහී ගියේ ඒ අවස්ථාවේදීය. තම මව හෝ පියා සහ සහෝදරිය මේවා දැක්කොත් තමාට ඇතිවන ලජ්ජාව සහ ඔවුන්ට මුහුණ දීමට ඇති අපහසුතාවයන් දෙමාපියන් තමාට සූදානම් කර ඇති යෝජිත විවාහයට එයින් ඇතිවන බලපෑමත් වැටහීමෙන් ඔහු ත‍්‍රස්තභාවයට පත්විය.

 මෙම ඡායාරූප සියල්ල ජංගම දුරකථනයෙන් මකා දමා මුහුණු පොතට දමා ඇති ඡායාරූපයක් ඉවත් කර දමන ලෙසටත් සඳුන් රාණිට ආයාචනා කළ ද ඇය ඒ සියලූ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර සඳුන්ට නව කොන්දේසියක් ඉදිරිපත් කරමින් ඡායාරූප මුහුණු පොතෙන් ඉවත් කර ගැනීමට නම් වහාම ඇයව විවාහ කරගන්නා ලෙසට හෝ ඇගේ නිවසට පැමිණ ඇය සමග පවුල් කෑම අරඹන ලෙසට සඳුන්ට පැවසුවේය. රාණිව විවාහකර ගැනීමේ වුවමනාවක් සඳුන්ට නොතිබුණේය. ඇගේ සිරුර උපයෝගී කරගෙන තම ආශාවන් සංසිඳුවා ගැනීමට ඔබ්බෙන් යමක් ඔහුට නොවීය.

 රාණි තමන්ට වදයක් බවට පත්වේගෙන එන බව සක්සුදක් සේ පැහැදිලි කරගත් සඳුන් ඇගේ ජංගම දුරකථනය උදුරාගතහොත් සියලූම ප‍්‍රශ්න අවසන් කරගත හැකි බවට ඔහු සිතුවේය. මක්නිසාද ඔහුගේ සහ ඇගේ සෙල්ෆි නිරුවත් ඡායාරූප කිහිපයක් ඇගේ දුරකථනයේ තිබෙන බවත් ඒවා ඉදිරියේදී මුහුණුපොතට ඇතුළත් කරන බවට ඇය දැනටමත් ඔහුට අඟවා තිබූ හෙයිනි. රාණිගේ ජංගම දුරකථනය නිතරම තබාගෙන සිටින්නේ ඇගේ හැට්ටය තුළ නිසා ඇය සමග ලැගුම්හලක ලැග එය ඇගෙන් උදුරාගත හැකි බවට සිතුවිල්ල ඔහුට පහල වුව ද අවාසනාවකට ඇය ඔහුගේ ඇරයුම නොපිළිගත් අතර හමුවීම් විවාහයෙන් පසුව පමණක් බව ඇය කීවාය.

 සඳුන්ට දුක්බර සමයක් උදා වී තිබිණි. හරිහැටි කෑමක්, නෑමක් නැතිව උපන්නා වෙනුවට වැනි වැනි ඔහේ ජීවත්වෙනවාට ජීවත් වෙමින් ඔහු කාලය ගත කළේය. මාස 2 ක් පමණ රාණි ගමනක් බිමනක් යෑමටත් ඔහුට ඇමතුමක් දුන්නේ හෝ ඔහු හමුවට ආවේ හෝ නැත. ඉඳහිට ඇය වෙනත් ත‍්‍රිරෝද රියක ගමන් කරන අයුරු දකින ඔහුගේ හද රිදුම් දුන්නේය.

 ඔය අතර හදිසියේම රාණි ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගත්තාය. එහා පැත්තෙන් රාණිගේ හඬ ඇසෙන විට ඔහුට තිගැස්මක් ද සතුටක් ද දැනිනි. දිනය හරියටම 2019 - 03 - 21 වැනිදාය. වෙලාව පස්වරු 3.00 ට පමණ විය. එවෙලේ සඳුන් සිටියේ නිවිතිගල ත‍්‍රිරෝද රථගාලේය. තමා කොළඹ සිට බස්රියකින් රත්නපුරයට පැමිණෙන බවත් රෑ බෝවිය හැකි නිසා ඇය නිවසට ඇරලවීම සඳහා ත‍්‍රිරෝද රියෙන් රත්නපුරයට පැමිණ සිටින ලෙසත් ඇගේ ඉල්ලීම විය. ඔහු ඉල්ලීම පිළිගත්තේය.

 මෙම ඇරයුමත් සමගම තමා මෙතෙක් බලාපොරොත්තුව සිටි ස්වර්ණමය අවස්ථාව එළඹුණ බවක් සඳුන්ට දැනිනි. වහාම ක‍්‍රියාත්මක වූ සඳුන් ඔහුගේ මිතුරන් දෙදෙනකු වූ මහාලිංගම් දේවරාජ් (37) සහ මහාලිංගම් මුත්තුකුමාර් යන සහෝදරයන් දෙදෙනා හමුවී ඔවුන් දෙදෙනාට රුපියල් 2000 ක් ලබාදී ඊට අමතරව මත්පැන් ද බීමට සලස්වා තමන්ට අවශ්‍ය කාරණය වූ රාණිගේ හැට්ටය ඇතුලේ තිබෙන ජංගම දුරකථනය කෙසේ හෝ ඇගෙන් උදුරා ලබාදෙන ලෙසට පැවසුවේය. දෙසොහොයුරෝ කාර්ය ඉටුකර දෙන බවට ප‍්‍රතිඥා දුන්හ.

 මේ අතර කලින් කතාබස් කරගත් පරිදි රාත‍්‍රි 8.30 ට පමණ වනවිට කොළඹ සිට බස් රියකින් පැමිණි රාණි රත්නපුර බස්නැවතුම්පළෙන් බැස්සාය. ඇය හමුවට ගිය සඳුන් ඇයව සාදරයෙන් පිළිගෙන ත‍්‍රිරෝද රියට නංවාගත්තේය. එහෙත් රාණි පැවසුවේ ඇයට බොන්නට අවශ්‍ය බවය. ඒ අනුව හොරපොළකට ඇයව කැඳවාගෙන ගිය ඔහු ඇයට බියර් මිශ‍්‍ර අරක්කු ලබාදී ඔහු ද මඳ වශයෙන් සප්පායම් වූයේය.

 ඔවුන් මත්පැන්හලින් පිටවන විට වේලාව රාත‍්‍රි 10.30 ට පමණ විය. නිවිතිගලට යන අතර මඟදී අහම්බෙන් මෙන් වාහනයට අත දැමූ දෙමළ සහෝදරයන් දෙදෙනා ඔවුන්වත් නිවිතිගලට ඇරලවන ලෙසට කළ ඉල්ලීම අනුව සඳුන් ඔවුන් දෙදෙනා ද රියට නංවා ගත්තේය.

 වාහනය නිවිතිගල මාර්ගය ඔස්සේ ගොස් ඉදිරියට යනවා වෙනුවට නිවිතිගල සැතපුම් 4 ක් පමණ මෙපිටින් තිබූ හොරගල්ල වතු යායට හරවා මීටර් 700 ක් පමණ ඈතට ගොස් ත‍්‍රිරෝද රිය නතර කරන විට වේලාව රාත‍්‍රි 10.45 ට පමණ විය. එහිදී රාණි හැර අනිත් තිදෙනාම වාහනයෙන් බැස්ස අතර එවෙලේ රාණි ”ඇයි මේ පාලූ පාරකට මාව අරගෙන ආවේ” යැයි සඳුන්ගෙන් ඇසුවාය. සඳුන් කිසිවක් කතා නොකළ අතර එහිදී ”උඹලා දෙන්නා පොඞ්ඩක් පාරෙ උඩහට පලයල්ලා” යනුවෙන් දේවරාජ් (37) නමැත්තා සඳුන්ට සහ මුත්තු කුමාර්ට කීවේය. ඒ අනුව එම දෙදෙනා අන්ධකාරය තුළට අතුරුදන් වූහ.

 එම අවසරයෙන් ප‍්‍රයෝජනය ගත් දේවරාජ් වහාම පැන රාණිගේ හැට්ටය තුළට අත දමා ඇගේ දුරකථනය  ඩැහැගැනීමට තැත් කළේය. එහිදී එය වැළැක්වූ ඇය සාහසිකයාගේ අත් දෙකෙන් අල්ලා ඔහුව තල්ලූකර වාහනයෙන් ඉවතට පැනගැනීමට තැත් කළාය. එයට ඉඩ නොදුන් දේවරාජ් ඇයව වාහනය තුළට තල්ලූකර දමා ඇගේ හැට්ටය ඉරා දුරකථනය උදුරාගෙන ඊළඟට ඇයගේ යට ඇඳුම ඉරා දමා ඇයට අතවර කිරීමට තැත් කරන අවස්ථාවේ රාණි ඔහුට යටත් නොවී ඔහු සමග පොරබදන්නට වූ අතර ඇය ඔහුගේ බෙල්ලත් අතකුත් දරුණු ලෙස සපා කෑවාය. එසේ වුව ද තම වෑයම අත් නොහැරි හෙතෙම නැවතත් රාණිව වාහනය තුළ පෙරළා ඇගේ සිරුරට පහත් වෙනවාත් සමගම ඇය අවසාන තුරුම්පුව ලෙසට සාහසිකයාගේ ලිංගික ප‍්‍රදේශය තදින් අල්ලා ඇඹරුවාය. ඔහු මර ළතෝනියක් නඟමින් ග‍්‍රහණය ලිහිල් කළ අතර ඇති වූ තද කෝපය නිසා අතමිට මොලවා තද පහරක් රාණිගේ මුහුණට එල්ල කළේය. ඒ පහර වැදුණු රාණිගේ හිස වාහනයේ වූ සුදු යකඩ කණුවක වැදී ඇය සිහිසුන්ව ඇදවැටුණාය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් දේවරාජ් වාහනයේ තිබූ කේබලයක් ගෙන විසඥව සිටි රාණිගේ ගෙල වටා එය පටලවා දෙපසට ඇද්දේය. රාණිගේ නහයෙන් ලේ පිටවූවාට පසු ඇය මළ බව පසක් කර ගත්තේය.

 එදින රාත‍්‍රියේම මිතුරන් තිදෙනා ත‍්‍රිරෝද රියෙන්ම ආපසු රත්නපුරයට ගොස් එතැනින් පානදුර පාරේ සැතපුම් 12 ක් පානදුර දෙසට ගොස් කුරුගඟ කළුගඟට හාවෙන  කුරුගම්මෝදර හරහා දමා ඇති පාලමෙන් රාණිගේ නිසල සිරුර ගඟට මුදාහැරියේය. සිරුර හරියටම දියට නොවැටුණ අතර හිස ගොඩබිමත් කඳ කොටස ජලයේ රැඳෙන ලෙසත් තිබිණි.

 කාර්ය හොඳින් නිම කළ මිතුරන් තිදෙනා නිරුපද්‍රිතව අලූයම 2.00 ට පමණ නිවිතිගලට ළඟා වූහ. සඳුන්ට මෙතෙක් වදයක්ව තිබූ රාණිගේ ජංගම දුරකථනය නිවිතිගල පාලමෙන් ගඟට දැමූ සඳුන් ද සියලූ කරදර නිමා වූ හෙයින් ගෙදර ගොස් සුවසේ නිදාගත්තේය.

 2019 - 03 - 21 දාට හිරුනැඟ එද්දි කිරිඇල්ල පොලිසිය සිරුර සොයාගත් අතර මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය ද සිදුකෙරිණි. මරණය ගෙල සිරකිරීමෙන් සිදුවූවක් ලෙසට තීරණය කෙරිණි. ඝාතකයන් සොයා විමර්ශන කටයුතු සිදුකරන ලෙසට කිරිඇල්ල පොලිසියට ඉහළින් නියෝග කෙරිණි. එහෙත් මාස 5 ක් ගතවෙද්දිත් සැකකරුවන් නිදැල්ලේ සිටි අතර ඝාතනය අබිරහසක් බවට පත්වෙමින් තිබිණි.

 ඒ අනුව තීරණයක් ගත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාරසිංහ මහතා අබිරහස් අපරාධවල සුලමුල හෙළිකරවා ගැනීමට සමත් ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුගෙන් සමන්විත රත්නපුර කොට්ඨාසයේ නීතිය බලගැන්වීමේ පොලිස් ඒකකයට රාණි ඝාතනයේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

 පොලිස් ඒකකය සමන්විත වූයේ සුළු පිරිසකගෙනි. පොලිස් පරීක්‍ෂකවරයෙක් උප පොලිස් පරීක්‍ෂකවරයෙක්, සැරයන්වරයෙක්, කොස්තාපල්වරු තිදෙනෙක්, කාන්තා පොලිස් කොස්තාපල්වරියකගෙන් සහ පොලිස් කොස්තාපල් රියැදුරු මහතෙකු පමණක් එම කණ්ඩායමට ඇතුළත් වූහ. සිද්ධිය ඇස දුටු කිසිවකු හෝ නිකමට හෝ සිද්ධියට සැකකර ප‍්‍රශ්න කිරීමට හෝ කිසිවකු නොවීය.

 පොලිසියට තිබුණේ එකම එක හෝඩුවාවක් පමණකි. ඒ මියගිය රාණිගේ ජංගම දුරකථනය සොයා ගැනීමය. එය ද සැකසහිත විය. පොලිසිය කිරිබද්ගල වතුයායේ පදිංචිව සිටි වේලූපිල්ලේ ලෙච්චමී නොහොත් රාණි නමැත්තියගේ නිවස බලා ගියේය.

 රාණිිගේ 12 හැවිරිදි දියණිය නිවසේ සිටියාය.

 ”අම්මගෙ හෑන්ඞ් ෆෝන් එක කෝ...?” පොලිසිය ඇගෙන් ඇසුවේය. ”ඒක අම්මත් එක්කම නැතිවෙලා...” දැරිය කඳුළු සලමින් කීවාය.

 ”එහෙනම් දුවට පුළුවන්ද අම්මගෙ ෆෝන් එකේ නම්බර් එක අපිට දෙන්න...?” දියණිය වහාම රාණිගේ ජංගම දුරකථනයේ අංකය ඇය පොලිසියට දුන්නාය. නොවිසඳී තිබූ අපරාධයේ සියලූම ගැට එකිනෙක ලිහා දෙන්නට රාණිගේ දුරකථන අංකය සමත් විය. අපරාධ සිදුවූ දා සඳුන් සහ රාණි අතර 15 වතාවත් සංවාද සිදුවූ බවට දුරකථන අංකය සාක්‍ෂි ලබාදුන්නේය. ඒ අනුව වැඩි කල්මැරීමකින් තොරව ඉකුත් ඔක්තෝබර් 15 දා සඳුන්ව අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු ලබාදුන් තොරතුරුවලට අනුව මහරගම ධනුෂ්ක ස්ටෝර්ස් නමැති වෙළෙඳසලක සේවකයකු ලෙස සිටි දේවරාජ් ද ඔහු ලබාදුන් ඔත්තුවකට අනුව යටියන්තොට වත්තක පදිංචිව සිටි දේවරාජ්ගේ මල්ලී වන මුත්තු කුමාර් ද එදිනම රාත‍්‍රියේ අත්අඩංගුවට ගැනීමට රත්නපුර පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සමත් වූහ. සියල්ලටම ගත වී තිබුණේ දින 45 කි. සාක්‍ෂි නැති මරණයක් ලෙසට සදහටම නීතිපොත ඇතුළේ සැඟවී යෑමට නියමිතව තිබූ සාහසික ලෙස සිදුකළ කාන්තා ඝාතනයක් නීතියේ රැුහැනට ගැටගසා පෙන්වීමට සමත් වූ කාර්ය ශූර පොලිස් නිලධරුවන් කණ්ඩායමට දිරිය ලබාදුන් තවත් අදිසි හස්තයක් ගැන වදන් පෙළක් ගළපාලීම අතපසු කිරීම ගුණමකු කමක් ලෙස හඟමි. ඒ අනුව ‘ඉරිදා දිවයින සංග‍්‍රහය’ වෙනුවෙන් රත්නපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාරසිංහ මහතා ඇමතීමු. ”අපරාධ විසඳීම එදා සිටම මගේ විනෝදාංශයක්. මේ අපරාධ සිද්ධිය අදාළ පොලිසියට භාරදීල මම සියලූ උපදෙස් දීලා පහසුකම් දීල විතරක් නොඉඳ මම ඔවුන් දිරිමත් කළා. නොයෙක් අයුරින් ඔවුන් දිරිමත් කළා. නමුත් නොකෙරෙන බවට පෙනුණා. ඒ නිසා මම මගේ යටතේ පවතින රත්නපුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයට මෙම අපරාධය විසඳන ලෙසට භාරදුන්නා. මාස 16 ක් තුළ මාස 6 යි දින 24 ක් තිස්සේ සැඟවී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එම ඒකකය සමත් වුණා. නීතිය දුබල නොවිය යුතුයි. එසේම නීතිය බලගැන්වීමටත් වඩා නීතිය බලයේම තිබේ නම් ජනතාව සුරක්‍ෂිතයි.”

 තිලකසිරි දෑල බණ්ඩාර
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka