Saturday, November 2, 2019

දෙවන වරටත් 65% ක ප‍්‍රතිශතයක් ලබා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ජයගත් දුෂ්කර ගමක සොඳුරු පාසල...!

එරියාව විදුහල ප‍්‍රාථමික විදුහලකි. මෙම විදුහල පිළිබඳව රටම කතා කළේ එක් සුවිශේෂී හේතුවක් නිසා ය. ඒ 2016 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මත අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මිනුම් දණ්ඩට අනුව ඉහළ ම දර්ශකය ලබා සියලූ පාසල් අතරින් පළමු ස්ථානය දිනාගත් බැවිනි.
 
කුරුණෑගල සිට අනුරාධපුර දෙසට දිවෙන මාර්ගයේ අඹන්පොල නගරයෙන් දකුණට හැරී ඇහැටුවැව දෙසට ගමන් කරන විට එරියාව පාසලට හැරෙන හන්දිය හමුවේ. එතැන් සිට කැලෑවෙන් යුතු මාර්ගයේ සැතපුම් 1 ක් පමණ දුරින් මෙම දුෂ්කර පාසල හමුවේ.

ඉකුත් 2008 වසරේ මෙම පාසල වැසී යාමට ගියේ සිසුන් 10 දෙනා දක්වා අඩුවීම නිසා ය. එකල ගුරු
සංඛ්‍යාව විදුහල්පතිවරයා සමඟ දෙදෙනෙක් වූහ. විදුහල්පතිවරයාට ශක්තියක් වන්නට පොතුහැර ප‍්‍රදේශයේ සිට නවක පත්වීම් ලබා විදුහලට පැමිණි ජේ. එම්. අමිල ප‍්‍රසාද් ජයසේකර මහතා එක් විය.

මෙම එරියාව ප‍්‍රාථමික පාසලෙන් 2011 වසරේ සිසුන් දහයකින් දෙදෙනෙක් 2014 වර්ෂයේ සිසුන් විස්සකින් නවදෙනෙක් 2016 වර්ෂයේ සිසුන් තිස් එකකින් දහනවදෙනෙකු සමත් කිරීමට මෙම සොඳුරු ගුරුවරයාට හැකි විය. 2019 වර්ෂයේ ද දෙවන වරටත් 65% ක ප‍්‍රතිශතයක් ලබා ගනිමින් දිවයිනේ විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගැනීමට අමිල ගුරුවරයාට හැකිවිය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ළමුන් විසිනවදෙනෙකු ඉදිරිපත් වූ අතර එයින් දහනවදෙනෙකු සමත් විය. මෙවර විශිෂ්ට ප‍්‍රතිඵලයේ උරුමක්කරුවා වන්නේ ද ඔහුයි. පාසලේ ගුරු නිවාසයේ නතර වූ අමිල ප‍්‍රසාද් ගුරුතුමා ඔහුගේ ජීවිතයේ බොහෝ දෑ කැපකරමින් නිවාඩු කාල අමතක කරමින් උදෑසන 6.00 ට පාසල ආරම්භ කර සවස 8.00 දක්වා දරුවන්ට දැනුම ලබාදීමට කැප විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2016 වසරේ මෙන් ම 2019 වසරේද දිවයිනේ විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගනිමින් දිවයිනේ හොඳම ශිෂ්‍යත්ව ගුරුතුමා වීමට ඔහුට හැකි විය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් විසිනවදෙනෙකු පෙනී සිටි අතර එයින් දහනමයක් සමත් විය. පාසලේ වැඩිම ලකුණ 190 ක් ලබාගැනීමට ශිෂ්‍යාවකට හැකියාව ලැබුණ අතර ලකුණු 184 ක් ලබා ගනිමින් තවත් ශිෂ්‍යාවක් පාසලේ දෙවන ස්ථානය ලබා ගන්නට හැකි විය. 182 ලකුණ ලබා ගනිමින් සිසුන් දෙදෙනෙක් ද 180 ලබා ගනිමින් ශිෂ්‍යාවක් ද මෙම ජයග‍්‍රහණයට දායක විය. මෙම පාසලේ අවම ලකුණු ලබා ගත් ශිෂ්‍යයාද ලකුණු 106 ක් ලබා ගැනීම සුශේෂත්වයකි.

මෙම ප‍්‍රතිඵලය පිළිබඳ ව අමිල ප‍්‍රසාද් ගුරුතුමා මෙසේ අදහස් දක්වන්නට එක් විය. ‘‘මගේ මුල්ම පත්වීම මේ පාසලට ලැබුණේ 2010 මැයි මාසේ හත්වෙනිදා. දුෂ්කර ප‍්‍රදේශයක දුප්පත් ළමයි පිරිසක් මෙහි ඉන්නේ. මුලින්ම ළමයි 10 ක් ඉන්න පන්තියක් මට බාර දුන්නේ. ඒ වසරේ ළමයි දෙදෙනෙක් සමත් කිරීමට හැකි වුණා. උදේ 6.00ට පාසල පටන්ගන්නවා. හවස 5.00 වනතුරු අධ්‍යාපන කටයුතු කළා. සෙනසුරාදාටත් ඉගැන්වීම් කටයුතු කළා. දරුවන් කිසිම අමතර පන්තියකට

ගියේ නෑ. අවුරුදු නිවාඩු කාලයේත් අපේ‍්‍රල් 12 දක්වා ඉගැන්වීම් කළා. අපේ‍්‍රල් 17 නැවත පන්ති පටන් ගත්තා. දෙමාපියන්ගේ කැපවීම දරුවන්ගේ උනන්දුව විදුහල්පතිතුමාගේ මගපෙන්වීම හා අනෙක් ගුරුවරුන්ගේ කැපවීම මත මෙම ජයග‍්‍රහණය කරා අපිට යන්න පුළුවන් වුණා.

දෙවන වරටත් 65%ක මම මේ පාසලට මුලින් ම එන විට හම්බවුණේ අලියෙක්. මේ ප‍්‍රදේශය ඉතාමත් විශාල ලෙස අලි ඉන්නවා. මම එදා මේ පාසල දාලා ගියා නම් මේ දරුවන්ගේ පිහිටට කෙනෙක් නැතිවෙනවා.

ව/ ම/ ගල්/ එරියාව ප‍්‍රාථමික විදුහල අතිදුෂ්කර පාසලකි. මෙහි ප‍්‍රවාහන පහසුකම් නොමැති අතර තදබල ලෙස අලි තර්ජන පවතින ප‍්‍රදේශයකි. මෙම පාසල් භූමියටත් නිතර නිතර අලි පැමිණෙන අතර ගම වටා තිබූ අලි වැට මේ වන විට අකි‍්‍රය තත්ත්වයේ පවතී. පාසල වටා අලි වැටක් ඉදිකරවා ගැනීමට ඔවුන් උත්සාහ කළ ද දුප්පත් ජනතාවක් සිටින නිසා එය අපහසු විය. මෙම කැලෑවෙන් වට වූ පුංචි පාසලට අලිවැටක් ලබාදීමට බලධාරීන් හෝ පරිත්‍යාගශීලීන් කටයුතු කරන්නේ නම් එය ඔවුන්ට ඉතා අගනේ ය.

තව ද පාසල වටා කිසිදු ආරක්ෂිත වැටක් දක්නට නොමැත. දෙමාපිය පිරිස සමඟ එක්ව තාවකාලික වැටක් ඉදිකර තිබුණ ද එය දරුවන්ගේ ආරක්ෂිත තත්ත්වයට ප‍්‍රමාණවත්ව නොපවතී. එනිසා ම නිතර නිතර සතුන් පවා පාසල් භූමිය තුළට පැමිණෙන ආකාරයක් දක්නට ලැබේ. ජීවිතය ජයගන්න වෙහෙසෙන මෙම පුංචි මල් කැකුලූවලට අතහිත දෙමින් පාසල් භූමිය වටා වැටක් ඉදිකොට ඒ සමඟ ගේට්ටුවක් ලබා දීමට බලධාරීන් හෝ හැකියාවක් ඇති පරිත්‍යාගශීලීන් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එය ඉතා ම වටිනා සම්පතකි.

shisha2ගල්ගමුව එරියාව ප‍්‍රදේශයෙන් ඇසෙන මේ සුභ ප‍්‍රතිඵලය අමිල ප‍්‍රසාද් ගුරුතුමාගේ උත්සාහයේ අවසන් ප‍්‍රතිඵලයයි. අමිල ගුරුතුමා දැනටත් ජීවත් වන්නේ ගුරු නිවාසයේ ය. මෙම ගුරු නිවාසයට ද 2016 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල පිටවීමත් සමඟ ම යම් යම් ලෙස පිළිසකර කිරීම්වලට යොමු වී ඇත. මෙම ගුරු නිවාසයට ඇති තදබල අඩුපාඩුවක් වන්නේ සනීපාරක්ෂක කටයුතු සඳහා ස්ථානයක් නොමැති වීමයි. රාත‍්‍රියේ දී සනීපාරක්ෂක කටයුතු සඳහා යාම ඒම අපහසු කටයුත්තක් බවට පත් වී ඇත. පරිත්‍යාගශීලීන් සිටී නම් ගුරුතුමා හට සනීපාරක්ෂක කටයුතු සඳහා ස්ථානයක් සකස්කර දෙන්නේ නම් ඉතා අගනේ ය.

පරිත්‍යාගශීලීන් සිටී නම් දුරකථන අංක විදුහල්පතිතුමා - 0779925095 අමිල සර් - 0772383473 - 0705961355 අමතන්න.

මෙම පාසලේ උන්නතිය වෙනුවෙන් කි‍්‍රයා කළ වයඹ රාජකීය විiාලයේ හිටපු විදුහල්පති ටී. බී. එරියාව මහතාත් ඉබ්බාගමුව මහා විiාලයේ හිටපු විදුහල්පති කේ. බී. එරියාව මහතාත් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එම දෙදෙනාගේ සහයෝගය විදුහලේ දියුණුවට විශාල ශක්තියක් වුණා.

රංජනා චතුමිණි

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka