Friday, November 1, 2019

කුඩු ජාවාරම්කරුවෙක් වෙන්නප්පුව සිරිගම්පල ගෙදරක වධකාගාරයක් පවත්වාගෙන ගිහින්

වෙන්නප්පුව - සිරිගම්පල ප‍්‍රදේශයේ නිවසක හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවකු විසින් පවත්වා ගෙන ගිය වධකාගාරයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට වෙන්නප්පුව පොලිසිය සමත්ව ඇත.

වෙන්නප්පුව සිරිගම්පල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම වධකාගාරය සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූයේ

වෙන්නප්පුව පොලිසිය මගින් මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබී පුද්ගලයන් කීපදෙනකුට අමානුෂික ලෙස වධහිංසා  ලබාදෙන දර්ශන හමුවීමෙන් අනතුරුවය.

සැකකරු සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග‍්‍රෑම් 11යි මිලිග‍්‍රෑම් 690ක්
අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයාට එරෙහිව පොලිසියට තොරතුරු ලබා දුන් අය නිවසට ගෙනවිත් පහර දීම සිදු කර ඇති බවට සැක කරන බව

පොලිසිය සඳහන් කරයි. එහෙත් මෙසේ වධ හිංසාවලට ලක්වූ කිසිම පුද්ගලයකු මේ වන තෙක් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර නොමැති බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරු මාරවිල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අමරනන්ද විජේසේකර- මහවැව 


under the courtesy of divaina.vom news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka