Thursday, October 31, 2019

මිතුරා ලවා බිරිඳට බලෙන් අතවර කරලා අමුතු ගේම් එකක් ගහන්න හැදු සැමියාට සිද්ධ වෙච්ච දේ

තම බිරිඳට ලිංගික අතවර කිරීමට සලස්වා එම දර්ශන විඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් කොල්ල කෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පාතාල නායකයකු වන "මාමස්මි" ගේ ප්‍රධාන ගෝලයා ඇතුළු සිව් දෙනෙකු ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (29) නියෝග කළා.

මෙලෙස බන්ධනාගාර ගත කරනු ලැබුවේ 'ලක්සඳ සෙවණ', මාළිගාවත්ත, කොළඹ ප්‍රදේශයේ පදිංචි (මාමස්මි නැමැත්තාගේ ගෝලයා වූ) මොහොමඩ් රහීම් අබ්දුල් රවුෆ් (38), මොහොමඩ් උවයිස් මොහොමඩ් මිස්තාර්, මොහොමඩ් උවයිස් මොහොමඩ් නසාර් සහ
තසීම් මොහොමඩ් සාජිත් නොහොත් 'ෂිපර්' නැමැත්තා යි.

මෙම සිද්ධීයේ ප්‍රධාන සැකකරු වන රවුෆ් නැමැත්තා පාතාල නායකයකු වූ 'මාමස්මි' නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන බවත් පාතාල ක්‍රියාකාරිකයකු වන මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් 'කංජිපානි ඉම්රාන්' නැමැත්තා විසින් මෙම සැකකරුට වෙඩි තබා ඇති බවත්, එම වෙඩි තැබීමෙන් ඔහුගේ කනක් තුවාල වී ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

අයුතු ලෙස සිරකර තබාගනිමින් පොළුවලින් පහරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමට සලස්වා එම අවස්ථා වීඩියෝගත කර ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තමන්ට තර්ජනය කර රුපියල් හාරලක්ෂ පනස් හත්දාහස් දෙසීය පනහක් වටිනා තම දේපළ සොරා ගත් බවට මාළිගාවත්ත පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 23 වැනිදා මෙගොඩකොළොන්නාව, වැල්ලම්පිටියේ 'මොහොමඩ් පිරිදවුස් මොහොමඩ් ඉම්පාස්' නැමැත්තෙකු විසිනුයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු හා පැමිණිලිකරු අතර මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළව රුපියල් ලක්ෂ 20ක මුදල් ගණුදෙනුවක් තිබී ඇති බවත්, එම මුදල ලබා ගැනීමේ අරමුණින් සැකකරු මෙලෙස කටයුතු කර ඇති බවත් මාළිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණූ ඉදිරිපත් කර තිබෙනවා.

"අඩුවට අයිස් ටිකක් ලැබුණා. උඹටත් ටිකක් දෙන්නම්. අපේ ගෙදරට වරෙන්.." යනුවෙන් සැකකරු පැමිණිලිකරුට දන්වා ඉකුත් 22 වැනිදා මාළිගාවත්තේ පිහිටි ඔහුගේ නිවසට කැඳවා ඇති අතර අනතුරුව පැමිණිලිකරුව නිවසේ කාමරයක සිරකර පොලුවලින් පහර දී ඇති බව සඳහන්.

පසුව සැකකාර රවුෆ් නැමැත්තාගේ බිරිඳ එම කාමරයට දමා ඇති සැකකරු, ඇයට ලිංගික අතවර සිදුකරන ලෙස පැමිණිලිකරුට බල කර ඇති අතර, ඊට පැමිණිලිකරු මෙන්ම අදාළ කාන්තාවද අකැමැති වීම හේතුවෙන් දෙදෙනාටම පොලුවලින් පහරදී ඇති බවද හෙළිදරව් වී තිබෙනවා.

පසුව පැමිණිලිකරු විසින් සැකකරු විසින් සැකකරුගේ බිරිඳට ලිංගික අතවර කරන අයුරු වීඩියෝ ගත කර ඇති සැකකරු සහ ඔහුගේ ගෝලයින් එම දර්ශණ අන්තර්ජාලයට මුදාහරින බව පවසා ඇතැයි ද පොලීසිය සඳහන් කළා.

එම තර්ජන නිසා පැමිණිලිකරු සැකකරුවන් සමඟ වැල්ලම්පිටියේ පිහිටි ඔහුගේ නිවසට ගොස් එහි තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න දේපළ ප්‍රධාන සැකකරුට ලබා දී ඇති බව පොලිසිය වැඩි දුරටත් බී වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

under the courtesy of Lankadeepa.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka