Thursday, October 31, 2019

20 හැවිරිදි සිය පෙම්වතිය බලහත්කාරයෙන් දූෂණය කර අස්වාභාවික ලිංගික ක්‍රියාවක් කළ නරුමයාට අවසානයේ අත් වූ ඉරණම

තරුණියක බලහත්කාරයෙන් දූෂණය කිරීම හා ඇයට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක්‌ සිදුකරන ලදැයි අධිචෝදනා ලබා සිටි චූදිතයෙකුට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය බරවැඩ සහිත වසර 20 ක සිරදඬුවමක්‌ නියම කළා.

චූදිත වූයේ ජයලත්පේඩිගේ සරත් නම් අයෙක්.

හෙතෙම සිද්ධිය වන විට මාරවිල මරඳ මිනීපිටිය අසල පදිංචිව සිට තිබෙනවා.

2000 ඔක්‌තෝබර් 13 දින හෝ එයට ආසන්න දිනයක නාත්තන්ඩියේදී ස්‌ත්‍රී දූෂණය සිදු කිරීම සහ ඉහත සඳහන් වේලාවේදී එම ස්‌ථානයේදී එකී ක්‍රියා කලාපයේ දීම ඇයට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක්‌ සිදුකිරීම
යනුවෙන් චෝදනා දෙකක්‌ යටතේ චූදිත අධිචෝදනා ලබා සිටියා.

චූදිත අධිචෝදනාවන්ට නිවැරදිකරු බව ප්‍රකාශ කිරීම මත නඩුව විභාගයට ගෙන තිබෙනවා.

ඒ වන විට 20 හැවිරිදි වින්දිත තැනැත්තිය කලුතර නුගගොඩ පදිංචිකාරියක්.

ඇයගේ නංගි නාත්තන්ඩිය මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටියෙන් වින්දිත තැනැත්තිය නංගිගේ නිවසට පැමිණ සිටියදී චූදිත සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබෙනවා.

සිද්ධිය වූ දින චූදිත ඇය පා පැදියක නංවාගෙන පාළු නිවසකට කැඳවාගෙන ගොස්‌ බලයෙන් දූෂණය කර ඇති බව නඩු විභාගයේදී හෙළිදරව් වුණා.

අධිචෝදනා දෙකටම චූදිත වරදකරු බව මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය සඳහන් කළෙත් චූදිතට දඬුවම් නියම කිරීමට පෙර චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන්ත ප්‍රනාන්දු මහතා චූදිතට නියම කරන දඬුවම් ලිහිල් කර ගැනීමට කරුණු දක්වනු ලැබුවා.

වයස අවුරුදු 50 ක්‌ ඉක්‌මවා සිටින චූදිතගේ අත්දෙකම අතුරෙන් වැටී කැඩී එය වැරදි ලෙස පෑස්‌සී ඉතා දුෂ්කර ජීවිතයක්‌ ගෙවන බව සඳහන් කළා.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ හිමාලී ජයනෙත්ති මහත්මියද කරුණු දැක්‌වීමෙන් පසු මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය චූදිතට චෝදනා දෙකට වසර 10 බැගින් බරවැඩ සහිත වසර 20 ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

එයට අමතරව පළමුවන චෝදනාවට රුපියල් විසිපන්දහසක දඩයක්‌ නියම කර දඩ මුදල නොගෙවන්නේ නම් බර වැඩ සහිත මාස 06 ක්‌ සිර දඬුවමක්‌ නියම කළා.

එක්‌ චෝදනාවකට රුපියල් ලක්‍ෂ දෙක බැගින් චෝදනා දෙකට රුපියල් ලක්‍ෂ හතරක්‌ වින්දිත තැනැත්තිය වන පැමිණිලිකාරියට ගෙවීමටද නියම කළ මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර දෙක බැගින් බරවැඩ සහිත වසර හතරක සිරදඬුවමක්‌ නියම කරනු ලැබුවා.

ඒ අනුව නියම කරන ලද වන්දි මුදල දඩයක්‌ ලෙස අයකර ගැනීමටද නියම කරනු ලැබුවා.

මෙහිදී චූදිතගේ නීතිඥ සමන්ත ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීමක්‌ කරමින් චූදිතට නියම කරන ලද සිර දඬුවම් වෙන් වෙන්ව නොව එකවර ගෙවී යන ලෙස නියම කරන මෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය විරුද්ධ වූවාය.

ඉදිරිපත්වූ කරුණු හා සාක්‍ෂිවලින් මෙන්ම සිද්ධිය සිදුවී ඇති ආකාරය සලකා මෙම දඬුවම් නියම කර ඇති බැවින් නීතිඥ මහතාගේ ඉල්ලීම සලකා බැලිය නොහැකි බව මෙහිදී විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය පෙන්වා දුන්නා.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka