Thursday, November 7, 2019

3වෙනි බිරිඳ අමානුෂිකව මරා දමා 4වෙනි බිරිඳ අතුරුදහන් කළ පොලිස් සැරයන්වරයාට අවසානයේ අත් වූ නොසිතූ ඉරණම

ඉලිනෝයි බෝලින් බෲක් නගරයේ පදිංචිව සිටි පොලිස් සැරයන් වරයෙකු වූ පීටර්සන්ගේ බිරිය ස්ටාසි පීර්ටසන් 2007 වසරේ ඔක්තෝම්බර් මාසයේදී හිටි හැටියේ අතුරුදහන් වුණා. ඇගේ අතුරුදහන් වීම මුළු මහත් ඇමරිකාව පුරා ආනදෝලනයක් ඇති කළා.

අතුරුදහන් වූ ස්ටාසි සැරයන් පීටර්සන් ගේ හතරවෙනි බිරියයි. ඇය ඔහුට වඩා වයස අවුරුදු 30කින් බාල තැනැත්තියක්. පීටර්සන්ගේ තුන්වැනි බිරිය අනතුරකින් මරුමුවට පත්වීමෙන් පසු පීටර්සන් ස්ටාසි නැමැති කාන්තාව විවාහ කරගත්තා.

පසුව ඔහුට දාව ඇය දරුවන් සිව් දෙනෙකු ලැබුවා.

ස්ටාසි අතුරුදහන් වූ බව ආරංචි වූ ඇගේ පවුලේ උදවියගේ මෙන්ම පොලිසියේ ද සැකය වූයේ ඒ වන
විට විටත්, ඝාතනයට ලක් වන්නට ඇති බවයි.

එහෙත් ඇගේ මළසිරුර හමු නොවීම කාටත් මහත් ප්‍රහේළිකාවක් වුණා. ඒ සැකය ඔස්සේ පොලිස් විමර්ශන ක්‍රියාත්මක වුණා.

මේ විමර්ශනයේදී ස්ටාසිගේ ඝාතනය පිළිබඳ සැකය එල්ල වූයේ පීටර්සන් වෙතයි. ඒ අතර පොලිසියේ අවධානය ඔහුගේ තුන්වැනි බිරිය වූ සාවියෝ ඈන්ගේ මරණය වෙත ද යොමු වුණා.

ඈන්ගේ මරණ පරීක්ෂණය ගැන අවධානය යොමු කළ විමර්ශන නිලධාරින්ට දැනගත හැකිවූයේ ඇගේ මරණය අනතුරකින් සිදුවූ බවට සඳහන් වුවත් ඇගේ මළසිරුර හමුවූයේ හිස් වූ බේසමක තිබියදි බවයි.

නාන බේසමට ඇද වැටීම නිසා ඇගේ හිසේ තුවාලයක් තිබූ බවද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණා. එහෙත් ඇය බේසමට වැටී වතුර පෙවී මරණයට පත් වූ බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා.

මෙම මරණ පරීක්ෂණ වාර්තාව ගැන සැක සිතූ නිලධාරින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණූ වාර්තා කොට ඇගේ මරණය සම්බන්ධයෙන් දෙවැනි වරටත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනු ලැබුවා.

එහිදි අනාවරණය වූයේ නාන බේසමට ඇද වැටුණු ස්ටාසිගේ සිරුරේ තැනින් තැන තුවාල හා තැලීම් සිදු වී ඇති බවයි. ඒ අනුව ඇය කිසියම් පුද්ගලයෙකු සමඟ පොර බදා ඇති බවට නිර්දේශ කරනු ලැබුවා.

ඒ අනුව විමර්ශන නිලධාරින් ඈන් සාවියෝගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පීටර්සන් අත්අඩංගුවට ගත්තා. ඒ සාවියෝගේ මරණය පිළිබඳ ප්‍රබල සාක්කියක් සොයා ගැනීමට විමර්ශන නිලධාරින්ට හැකි වූ නිසායි.

ජෙන් පැච්ටර් නැමැති එම සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේ සාවියෝ මරා දැමීම සඳහා කෙනෙකු සොයාදෙන ලෙස පීටර්සන් තමාට පැවසූ බවයි. ඒ සඳහා තමාට ඩොලර් 25, 000ක් ලබා දෙන බවද තමාට පැවසූ බවද ඔහු සඳහන් කළා. එසේම පීටර්සන් සහ සාවියෝ අතර නිතරම ගැටුම් ඇති වුණු බවත්, ඔවුන් දික්කසාද වීමට කටයුතු යොදා තිබූ බවත් හෙතෙම අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර සාවියේ ගේ සොහොයුරියක් වන සුසාන් ඩොමන් සාක්කි දෙමින් පවසා සිටියේ යම් හෙයකින් සාවියෝ මරණයට පත් වුවහොත් එය අනතුරක විලාශයක් දරුණු ඇති බවට පීටර්සන් තමාට අනතුරු ඇඟවීමක්ද කර තිබූ බවයි.

මේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සාවියෝ ඝාතනය කිරීම මෙන්ම ස්ටාසිගේ අතුරුදන් වීමට ද වගකිව යුත්තා ලෙස සැරයන් පීටර්සන් වරදකරු කළා. පසුව ඔහුට වසර 38ක සිර දඬුවම් නියම වුණා.

පීටර්සන් මොරාහෝත් සිරගෙදර දඬුවම් කාලය නිමවන තුරු රඳවා තැබුණා.

මේ අතර සාවියෝ ගේ මරණය පිළිබඳ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තමා ඝාතනය කිරීමට ද පීටර්සන් උත්සහ දැරූ බවට රජයේ නීතිඥ ජිමි ග්ලාස් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

පසුව සිදු කරන ලද නඩු විභාගයේදි එයද පීටර්සන් විසින් කරන ලද කුමන්ත්‍රණයක් බවට හෙළි වීම නිසා ඔහුගේ සිරදඬුවම වසර 40ක් දක්වා දීර්ඝ කෙරුණා. එමෙන්ම වෙනත් සුරක්ෂිත හිර ගෙදරකට ඔහු මාරු කර යැවීමටද තීරණය කෙරුණා.

බිරියක් මරා දමා තවත් බිරියක් අතුරුදන් කිරීමත් රජයේ නීතිඥවරයෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමත් සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් සැරයන් පීටර්සන් මේ වන විටත් සිරමැදිරියක් තුළ දිවි ගෙවූවන් ඔහුගේ ජිවිත කතාව අලලා DREW PETERSON UNTOUCHABLE මැයෙන් චිත්‍රපටියක් නිෂ්පාදනය කර ඇති අතර එහි සුප්‍රකට රූපවාහිනි නළුවකු වන රොබ්ලෝ, පීටර්සන්ගේ චරිතයත්, තාරා බ්‍රවයෝ සාවියෝගේ චරිතයත් නිරූපණය කර තිබෙනවා.

එම චිත්‍රපටිය 2012 වසරේ ඇමරිකා රූපවාහිනි මඟින්ද විකාශයට පත් කෙරුණා

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka