Wednesday, November 6, 2019

"ශාසනයකට හානි කරලා කටයුතු කරලා පව් පුරෝගන්න එපා කියලා මම ඉතාමත්ම දැඩිව කියනවා" - කාශ්‍යප හිමියන් උපවාසය අත්හරිමින් කියයි - Video

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත්, එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා, කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ අවසන් කෙරුණා.

ඒ අදාළ ගිවිසුම මැතිවරණයට පෙර අත්සන් නොකරන බවට ලැබුණු ලිඛිත පොරොන්දුව මතයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන ලෙසට ඉල්ලමින් පූජ්‍ය උඩුදුම්බර කාෂ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී මාරාන්තික උපවාසය ආරම්භ කළේ, ඊයේ පෙරවරු 8.45 ට පමණ.

උන්වහන්සේගේ උපවාසයට සහය පළ කිරීමට මහා සංඝරත්නය, දේශපාලනඥයින්, කලාකරුන් සහ
සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්වුණා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතාගේ ලිපියක් රැගෙන පූජ්‍ය කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයේ නිරත නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට පැමිණියා.

උපුටා ගැනීම -
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලු ගිවිසුම් ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතාවන්ට යටත්ව නැවත සලකා බැලීමටත්, ජාතික වුවමනාවන්ට පටහැනිනම් ඒවා අහෝසි කිරීමට කටයුතු කිරීමටත් වගබලා ගන්නෙමි.
එබැවින් මෙම උපවාසය අත්හරින ලෙස ඉතාම ගෞරවයෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි.
ගෝඨාභය රාජපක්ෂ - ජනාධිපති අපේක්ෂක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
උපුටා ගැනීම අවසන් -

කෙසේ වෙතත්, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක නොකරන බවට පාර්ශ්වය කිහිපයකින් ලැබුණු ලිඛිත පොරොන්දුව මත පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මධ්‍යම රාත්‍රී 12 ට පමණ සිය මාරාන්තික උපවාසය අවසන් කළා.

පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි
- මම බොහොම කනගාටු වෙනවා අපේ අග්‍රාමාත්‍යතුමා සහ මංගල සමරවීර මැතිතුමා මේ උපවාසය ගැන වුණත් නිකං බටර් උපවාසවලට අපි සූදානම් නෑ කියනවා වගේ ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව. බෞද්ධකම හෑල්ලු කරන වැඩපිළිවෙළක් දිගටම සිද්ධ වෙච්ච හින්දයි මේකේ ඉහළම තැනකට ගිය හින්දයි අපිට මේ වගේ දේවල් කරන්න වුණේ අවුරුදු ගානක් දැන් බොහොම පීඩාකාරීව තමයි අපි ශාසනික කටයුතු කරගෙන යන්නේ. ශාසනයකට හානි කරලා කටයුතු කරලා පව් පුරෝගන්න එපා කියලා මම ඉතාමත්ම දැඩිව කියනවා. පාඨලී ඇමතිතුමා වගේ අය ගැන අපේ බොහොම ගෞවරයක් තිබ්බ අය. මෙවැනි හැසිරීමක් නැතිව අපි එතුමාලට ආරාධනා කරනවා පාවා දෙන්න කටයුතු කරන්නේ නැතුව කටයුතු කරන්න කියලා.

මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සහ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිදුකළ මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් අද අදහස් පළ කළා.

මේ අතර සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය ප්‍රමුඛ සිවිල් සංවිධාන නියෝජිතයින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරතවූ අතර, ඔවුන් අදාළ ගිවිසුම වහා හකුලාගන්නැයි බලකරමින් තානාපති කාර්යාලයට සන්දේශයක්ද භාරදුන්නා.


under the courtesy of ----.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka