Tuesday, October 22, 2019

හිසේ කාඩ්බෝඩ් පෙට්ටි පැළඳ විභාගය ලියු ඉන්දියාවේ සිසුන්

සිය හිස මත කාඩ්බෝඩ් පෙට්ටි පැළඳ විභාගයකට පෙනී සිටි සිසුන් පිරිසකගේ ඡායාරූප ප්‍රසිද්ධ වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ පාසලක බලධාරීහු සමාව ඉල්ලා සිටියහ.

අදාළ ඡායාරූප ගෙන ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ හවෙරි හි පිහිටි 'භාගත් ප්‍රී-යුනිවර්සිටි කොලේජ්' නමැති උසස් අධ්‍යාපන ආයතනයේ පැවති රසායනික විද්‍යා විභාග පරීක්ෂණයක් අතරතුරදීය.

අන් අයගේ උත්තර පත්‍ර දෙස බැලීම වළකාලීම සඳහා විභාග අපේක්ෂකයන් එක් පැත්තක් පමණක් විවෘත කරන ලද කාඩ්බෝඩ් පෙට්ටි හිස පැළඳ සිටින ආකාරය ඡායාරූපවල දැක්වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පළ කළ පාසලේ කනිෂ්ඨ පරිපාලකයෙක් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්ගෙන් ඒ පිළිබඳ සමාව අයැද සිටියේය.

විභාග වංචා වැළැක්වීමේ අරමුණින් අසාමාන්‍ය ක්‍රමවේදයක් අත්හදා බැලීම පිළිබඳ කණගාටුවට පත්වන බව එම් බී සතිෂ් බීබීසී හින්දි සේවයට පැවසීය.
ඉහත කී ක්‍රමවේදය වෙනත් විභාග පරීක්ෂණයක් සඳහා යොදා ගෙන ඇතැයි අසන්නට ලැබීමෙන් අනතුරුව සිය පාසල එය "පරීක්ෂණ මට්ටමින්" ක්‍රියාත්මක කළ බව ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ සිසු සිසුවියන්ගේ කැමැත්ත මත එය ක්‍රියාත්මක කළ බවය. සිසු සිසුවියන් විසින්ම සිය කාඩ්බෝඩ් පෙට්ටි රැගෙන එන ලද බවත් ඔහු පැවසීය.

"කිසිදු ආකාරයේ බල කිරීමක් සිදු වුණේ නැහැ. ඇතැම් සිසුන් පෙට්ටි පැළඳ නොසිටින ආකාරය ඡායාරූප ඔස්සේ දැකිය හැකියි. පෙට්ටි පැළඳ සිටි ඇතැම් අය මිනිත්තු 15 කට පමණ පසු ඒවා ඉවත් කළා. සමහර අය මිනිත්තු 20 කට පස්සේ ඉවත් කළා. ඒවා ඉවත් කරන ලෙස පැයකට පසු අප විසින්ම කියා සිටියා."
ඡායාරූප පිළිබඳ කනවැකුණු කලාප අධ්‍යාපන බලධාරීහු අවශ්‍ය පියවර ගැනීම සඳහා වහාම අදාළ පාසලට පැමිණ තිබේ.

ප්‍රාදේශීය පූර්ව විශ්වවිද්‍යාල අධ්‍යාපන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස් සී පීර්ජේඩ් විසින් ඉහත කී පියවර හඳුන්වනු ලැබුවේ "අමනුෂ්‍ය" ක්‍රියාවක් ලෙසිනි.

"මේ ගැන පණිවුඩය ලැබුණ වහාම මම වහාම ඒ පාසලට ගිහින් එම ක්‍රමවේදය නවත්වන ලෙස කළමනාකරණයට නියෝග කළා," යනුවෙන් ඔහු පැවසු බව 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' වාර්තා කර තිබුණි.

"ඒ වගේම මේ අදහස ක්‍රියාත්මක කිරීම ගැන මම පාසලේ කළමනාකරණයට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

විභාග වංචා කිරීම් සහ ඒවාට වැට බැඳීම සඳහා යොදා ගන්නා අසාමාන්‍ය ක්‍රමවේද ඉන්දියාවේ දුලභ නොවේ.

හමුදා සේවයට අයදුම් කළ තරුණයන් සිය ගණනකට සිය යට ඇඳුමින් ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සිදු වූ පුවතක් 2016 වසරේදී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා විය.

විභාග වංචා වැළක්වීමේ අරමුණින් අයදුම්කරුවන්ට ඇඳුම් උනා දැමීමට නියෝග කර තිබුණු අතර සිය යට ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපවල එවක පළ විය.

 bbc සිංහල


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka