Friday, October 25, 2019

පාසල් ප්‍රේමයට එරෙහි වූ විදුහල්පතිට තම පියා ලවා පහර දුන් සිසුවා

පාසලේ විදුහල්පතිවරයා විසින් ප්‍රේම සම්බන්ධතාවකට අවවාද කළැයි කිපුණු සිසුවකු සිය පියා හා සහෝදරයා පාසලට කැඳවා ඔවුන් ලවා එම විදුහල්පතිවරයාට පහරදීම නිසා ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (24දා) සියලු ගුරුවරු පාසල තුළ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් උලපනේ අල් ඉක්රා විදුහලේ මෙම සිද්ධිය හටගෙන තිබේ. පොල්ලකින් හා අතින් පයින් පහර දීම නිසා රෝහල් ගතකර ඇත්තේ විදුහල්පති ඒ.එච්.එම්. අන්සාර් මහතායි.

11 වසර පන්තියේ අධ්‍යාපනය ලබන  සිසුවකුට විදුහල්පතිවරයා මෙසේ අවවාද කර තිබිණි. එයින්
කෝප වී ඇති සිසුවා උලපනේ ප්‍රදේශයේම පදිංචි තම පියාට සහ සහෝදරයාට කතා කොට විදුහල්පතිවරයා තමාට පහරදුන් බව පවසා තිබේ.

අනතුරුව එම පියා හා සහෝදරයා පාසලට කැඳවීමෙන් පසු විදුහල්පති කාමරයට ගොස් ඔවුන් මෙසේ විදුහල්පතිවරයාට පහරදී තිබේ. සිද්ධියෙන් පසු විදුහල්පති කාමරයේ දේපළවලටද අලාභ හානිකර ඇති මොවුන් තර්ජනය කර පාසලෙන් පිටව ගොස් තිබේ.

23 දින පෙරවරුවේ හටගත් මෙම සිද්ධිය සමඟ පාසලේ සිසුන් උද්ඝෝෂණයක නියලුණු අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස හා සිද්ධියට විරෝධය පා ගුරුවරු වර්ජනයක නිරත වී සිටිති.

මෙම සිසුවාගේ ආදර සම්බන්ධය පිළිබඳ අට වසර සිසුන් පන්ති භාර ගුරුවරයාට පවසා ඇතැයිද එම සිසුවා මුලින්ම එම පන්තිභාර ගුරුවරයාට පහරදීමට උත්සාහ ගෙන ඇති බවත් රෝහල් ගතව සිටින විදුහල්පතිවරයා පවසයි.

පසුව මෙම සිසුවාගේ පියා හා සහෝදරයා පොල්ලක්ද රැගෙන පාසලට පැමිණ මේ දිනවල පාසලේ පවතින අ.පො.ස. සා.පෙළ. වාර විභාගයේ පෙනී සිටින සිසුන්ද පලවා හැර පාසලේ මහත් කලබැගෑනියක් ඇති කළ බවද විදුහල්පතිවරයා පවසයි.

අනතුරුව ගුරුවරුන්ටද පහරදීමට උත්සාහ ගත් ඔවුන් පසුව විදුහල්පතිවරයාට මෙසේ පහරදී තිබේ.

මද්‍රසා පාසලකින් පැමිණ ඇති මෙම සිසුවා මීට පෙරද විවිධ චෝදනාවන්ට ලක්ව පොලිස් පැමිණිලි ඇති බව පවසන විදුහල්පතිවරයා මවුපියන් මේ ආකාරයට කලබලවීම කනගාටුදායක සිද්ධියක් බවද පැවැසීය.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ගම්පොළ පොලිසිය සිසුවාගේ සහෝදරයා පොලිස් භාරයට ගෙන ඇති අතර සැඟව සිටින සැකකරුවන් සොයා පරීක්ෂණ අරඹා තිබේ.
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka