Sunday, October 27, 2019

බිරිඳ සමග අනියම් ඇසුරක්‌ ඇතැයි සැක සිතා මිනීමැරූ අයට වසර 7ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම්

බිරිය හා අනියම් ඇසුරක්‌ ඇතැයි සැක සිතා සිය බේකරියේ වැඩ කළ අවිවාහක පුද්ගලයකුට පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ වරද පිළිගත් පුද්ගලයකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා වසර 07 ක බර වැඩ සහිත සිර දඬුවමක්‌, රුපියල් 10,000 ක දඩ මුදලක්‌ හා රුපියල් ලක්‍ෂ 05 ක වන්දි මුදලක්‌ ගෙවන ලෙස පෙරේදා (24 දා) නියෝග කෙරිණි.
 මෙලෙස සිරදඬුවම් හා දඩ නියම වූයේ අංක 697, ඇලකර බේකරිය, කෝන්වැලෑන, දෙබරවැව පදිංචි සූරිආරච්චිගේ ප්‍රියන්ත නමැති 47 හැවිරිදි තිදරු පියකුටය.

 සැකකරු 2010 ජුනි මස 06 දින රාත්‍රි බීමත්ව පැමිණ සිය බේකරියේ සේවය කළ අවිවාහක පුද්ගලයකු
වූ අංක 742, කුඩාගම්මාන 07, වෙහෙරගල, තිස්‌සමහාරාම පදිංචි එදිරිසිංහ ආරච්චිලාගේ සංජීව ෙµdන්සේකා නමැති අයට පොල්ලකින් පහර දී තිබේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2010 - 06 - 08 වැනි දින මරණයට පත්ව තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ තිස්‌සමහාරාම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අනුව සැකකරුට එරෙහිව වසර 09 ක්‌ තිස්‌සේ පැවති නඩු විභාගය අතරතුර සැකකරු අදාළ චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා සැකකරුට දඬුවම් නියම කරන ලදී.

 ඒ අනුව සැකකරුට වසර 07 බර වැඩ සහිත සිර දඬුවමක්‌ නියම කළ අතර රුපියල් 10,000/- ක දඩ මුදලක්‌ ද නියම කෙරිණි. එය නොගෙවන්නේ නම් මාස 06 ක සිරදඬුවමක්‌ ද නියම කෙරුණි. මීට අමතරව මියගිය පුද්ගලයාගේ මවට රුපියල් ලක්‍ෂ 05 ක වන්දි මුදලක්‌ ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට නියෝග කෙරිණි. වන්දි නොගෙවන්නේ නම් තවත් වසර 05 ක සිරදඬුවමක්‌ ද නියම කෙරිණි. වන්දි මුදල් ලබාදීමට මේ වනවිට මියගිය පුද්ගලයාගේ මව ජීවතුන් අතර නොමැති නම් ඇයගේ අනුප්‍රාප්තිකයකු සඳහා එම මුදල ලබාදීමට පියවර ගන්නා ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ රෙජිස්‌ට්‍රාර්වරියට නියම කෙරිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගයාන් පෙරේරා මහතා පෙනී සිටියේය.


under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka