Sunday, October 27, 2019

මින්නේරියේදී බස්‌ රථ දෙකක්‌ මුහුණට මුහුණ ගැටී කුඩුපට්‌ටම් වෙලා.... ලංගම රියෑදුරු මියයද්දී හතළිස්‌ හතරක්‌ තුවාල ලබති

පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නයේදී පෙරේදා 23දා රාත්‍රි 11.30ට පමණ පෞද්ගලික බස්‌ රථයක්‌ සහ ලංගම බස්‌ රථයක්‌ මුහුණට මුහුණලා ගැටීම නිසා සිදුවූ අනතුරකින් එක්‌ අයකු මරුමුවට පත්වී කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළු 44 දෙනකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

 තුවාලකරුවන් සියලුම දෙනා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

 මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්‌ රථයක්‌ සහ කොළඹ සිට කල්මුණේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස්‌ රථයක්‌ මෙසේ අනතුරට ලක්‌වී තිබේ.

 අනතුරින් මියගොස්‌ ඇත්තේ ලංගම බස්‌ රථයේ රියෑදුරු 52 හැවිරිදි එම්. එල්. එම්. ස්‌මීත් යන අයයි.
හෙතෙම කල්මුණේ, මීරාඔඩේ 04,එච්. එම්. බී. සී. එච්. පාර පදිංචි අයෙකු බවට අනාවරණය වී තිබේ.

 අනතුරින් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිරිස අතර කුඩා ළමුන් දෙදෙනකු, කාන්තාවෝ 11 දෙනකු සහ පිරිමින්a 31 දෙනකු සිටින බව පොලිසිය සඳහන් කළේය.

 ඔවුහු මඩකලපුව, කලවංචිකුඩි, කල්මුණේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද හෙළිවී ඇත.

 කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස්‌ රථය මින්නේරිය නගරය පසු කර මද දුරක්‌ ගමන් කරද්දී ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයකට ඉස්‌සර කිරීමට යැමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පෞද්ගලික බස්‌ රථයේ මුහුණ මුහුණට ගැටී තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස්‌ පරිදි මින්නේරිය පොලිසියේ ස්‌ථානාධිපති, පොලිස්‌ පරීක්‌ෂක ආර්. එම්. සී. රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වයි.

under the courtesy of divaina.com  news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka