Sunday, October 27, 2019

දස හැවිරිදි දැරිය කෙළෙසූ අයට වසර 12ක සිරදඬුවම්....! මා අපමණ අවමන් වින්දා....!! පැමිණිලිකාරිය කියයි

දස හැවිරිදි දැරියකට බරපතළ අපයෝජනයක්‌ සිදුකළ 72 හැවිරිදි පුද්ගලයකු බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමකට, රුපියල් 25,000 ක දඩයකට සහ ලක්‍ෂ 2 ක වන්දියකට යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 23 දා නියෝග කළේය.

 එල්. ඩබ්ලිව්. කිරිමුදියන්සේ නමැත්තෙකු එම නඩුවේ විත්තිකරු විය. 2009.11.20 දින සහ 2010.11.19 අතර කාලයේදී 10 හැවිරිදි දැරියකට එම අපයෝජනය සිදුකළේ යෑයි රත්නපුර මහාධිකරණය හමුවේ
විත්තිකරු අධි චෝදනා ලැබ සිටියේය. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පැවැති සම්පූර්ණ සාක්‍ෂි විභාගයකින් අනතුරුව විනිසුරුවරයා විත්තිකරු වරදකරු බවට තීන්දු කළේය.

 පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ සාක්‍ෂි සම්බන්ධයෙන් විශ්ලේෂණයක්‌ කළ විනිසුරුවරයා 10 හැවිරිදි දැරියක්‌ වුවද ඇගේ සාක්‍ෂිය ඒකාකාරීව ගලායන විශ්වසනීයත්වයෙන් යුතු සාක්‍ෂියක්‌ ලෙසින් අධිකරණය පිළිගත් බව පැවසුවේය.

 විත්තිකාර වයෝවෘද්ධ තැනැත්තා දැරිය කෙළෙසන අවස්‌ථාවේ 63 වැනිවියේ පසුවූ විවාහක තැනැත්තෙකු බවද තමාට විත්තිකරු සිදුකරන ක්‍රියාවේ බරපතළකම නොදැන සිටි දැරියට ඔහු රුපියල් 20 බැගින් මුදල් ද දී ඇති බවද එසේම මෙම අපයෝජන ක්‍රියාව කාටවත් කියන්න එපා කියා විත්තිකරු දැරියට පවසා තිබූ නිසා ඇය සිද්ධිය මවගෙන්ද වසන්කර තිබියදී දැරියද සමග පොලිසිය ඇගේ ගෙදරට පැමිණි අවස්‌ථාව වනතෙක්‌ම මව කිසිත් නොදැන සිට ඇති බවද මුලින්ම සිද්ධිය පොලිසියට දැනුම් දී ඇත්තේ දැරියගේ පාසලේ විදුහල්පතිතුමා බවද විනිසුරුවරයා තීන්දු ප්‍රකාශයේදී සඳහන් කළේය.

 විත්තිකරු වරදකරු කිරීමෙන් පසු ඔහුට වැඩි දඬුවමක්‌ පනවන ලෙස ඉල්ලමින් සිය දේශනය ඇරඹූ පැමිණිල්ලේ රජයේ අධිනීතිඥ කේ. වී. ඉන්දිකා මහත්මිය නඩුව ඉතාමත්ම හොඳින් විශ්ලේෂණය කර සුදුසු තීන්දුවක්‌ ලබාදීම ගැන විනිසුරුවරයාට ස්‌තුතිය පිරිනැමුවාය. අනතුරුව අදහස්‌ දැක්‌වූ ඇය මීට වසර 10 කට පෙර 10 හැවිරිදි වියේ පහේ පන්තියේ සිටි ඉතාම ළාබාල දැරියකට සිදුකළ අපරාධයේදී ඇයට සිදුවූ මානසික හානියේ ඇති බරපතළකම දඬුවම් නියම කිරීමේදී සැලකිල්ලට ගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියාය. තවද කුඩා ළමුන්ට කරන මෙවැනි අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවක්‌ අප ඉදිරියේ දවසින් දවස ගොඩගැසෙන නඩු දෙස බලන විට පෙනෙන දෙයක්‌ යෑයිද රජයේ අධිනීතිඥවරිය පැවසුවාය.

 අපරාධ වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ සහ සාක්‍ෂිකරුවන් සුරැකීමේ පනතේ වගන්ති ප්‍රකාරව අපයෝජන සිද්ධියෙන් පසු තමාට දැනුණු මානසික පීඩාව සම්බන්ධයෙන් යමක්‌ කීමට ඇත්නම් පවසන ලෙසට දැනට 19 වියේ පසුවන එම දැරියට විනිසුරුවරයා දැන්වූ විට ඇය zස්‌වාමීනි මෙම සිද්ධියෙන් පසු හරි අපහසු තත්ත්වයකට පත් වුණා. මට ලැඡ්ජාවක්‌ ඇතිවුණා. මම අපමණ අවමන් වින්දා. මින් පසු මෙහෙම දේවල් නොකරන්න විත්තිකරුට හොඳ දඬුවමක්‌ දෙන්න..Z යනුවෙන් පැවසුවාය.

 විත්තිකරුට දඬුවම් නියම කරන අවස්‌ථාවේ සඳහනක්‌ කළ විනිසුරුවරයා විත්තිකරු වැනි විවාහක 65 හැවිරිදි වියේ පසුවන තැනැත්තෙකු විසින් තම මිණිබිරියක්‌ වැනි හය හතර නොතේරෙන දැරියකට ආරක්‍ෂාව සැලසීම වෙනුවට කළේ ඇය අපයෝජනයට ලක්‌කිරීම බවද එහෙයින් ඔහුට ලිහිල් ලෙස දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත්වීම කළ නොහැකි බවද පැවසුවේය.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka