Sunday, October 27, 2019

අඩි 30ක් ගැඹුරු කුහරයක සිරවී ජීවිතය‍ අයදින අවුරුදු දෙකක පුංචි මල් කැකුළ - Video & Photos

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ ගැඹුරු ළිං කුහරයක සිරවී සිටින වයස අවුරුදු දෙකක සුජිත් නමැති දරුවා බේරාගැනීමට මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් එම දරුවා බේරාගත් බව පවසමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළද පැතිරෙනවා. එය අසත්‍ය පුවතක් බවයි පැවසෙන්නේ.

සුජිත් නමැති මෙම කුඩා දරුවා ඉකුත් සිකුරාදා පස්වරු 5.30 ට පමණ සිය නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී මෙම ළිංපතුළට වැටී ඇති අතර දරුවා ළිඳට වැටී ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව බලධාරීන් මැදිහත්ව ඔහු මුදා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ගෙල ප්‍රදේශය තෙක් කුහරය තුළ සිරවි සිටින

දරුවාගේ හිසෙහි උඩු කොටස සහ අත් දෙකෙහි කොටසක් පමණක් නිරීක්ෂණය වූ අතර දරුවා මුදාගැනීම සඳහා අවස්ථා 15 කදී උත්සහ දරා ඇති අතර රොන්මඩ ඔහු මතට වැටීම හේතුවෙන් එම සියලු උත්සහයන් අසාර්ථක වී තිබෙනවා.

එහිදී ළිඳට යාබදව කැනීම් සිදුකර උමගකින් ඔහු සිටින ස්ථානයට යාමට උත්සහ කළත් ළිඳට අවටින් පිහිටි පාෂාණ පද්ධතියක් නිසා කැනීම් කටයුතු අත්හිටුවා තිබෙනවා.

පසුව ඉන්දියාවේ ප්‍රකට ඉන්ධන හා ගෑස් සමාගමක් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා කැනීම් යන්ත්‍රයක් අදාළ ස්ථානයට යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

කෙසේ වෙතත් දරුවාට හුස්ම ගැනීම සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව නළ හරහා කුහරය තුළට යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර ජලය හෝ ආහාර නොමැතිකම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම් අවිනිශ්චිත තත්වයක්ද තිබුණු බවයි බලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

වසර 07 කට පෙර බඩඉරිඟු වගාවක් සඳහා ජලය ලබාගැනීමට කුඩා වළක් වැනි මෙම වගාළිඳ තනා තිබෙනවා. එහි ගැඹුර අඩි 30 ක් බවයි වාර්තාවුනේ.



 
 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka