Saturday, October 6, 2018

මාරක රිය අනතුරක් සිදුකළ වෛද්‍යවරියගෙන් මත්පැන් ගදක් එන්නෑ කියපු වෛද්‍ය වාර්තාව සුණු විසුණු කරමින් ඇය මත්පැන් බොන වීඩියෝව එළියට එයි

අප කළ විමසීමකදී පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසුවේ අනතුර සිදුකළ වෛද්‍යවරිය සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

බොරලැස්ගමුව - වික්‍රමරත්න මාවතේදී වෛද්‍යවරියක පැදවූ මොටර් රථයක් මාර්ගයේ වැරදි මංතීරුවේ ධාවනයවී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් මොටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වුණේ පසුගිය මස 30 වැනිදා අළුයමයි.අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුකළ වෛද්‍යවරිය බීමතින් සිටි බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ අතර ඇය නුගේගොඩ
වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර පොලිසිය සිදුකළ ශ්වසන වායු පරීක්ෂණයේදී බීමත්ව සිටින බව හෙළි වූ අදාළ වෛද්‍යවරිය මූලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කෙරුණු අවස්ථාවේ වෛද්‍යවරුන් සඳහන් කර තිබුණේ ඇගෙන් මත්ද්‍රව්‍ය දුගඳක් වහනය නොවන බවයි.

නමුත් අනතුර සිදුකළ වෛද්‍යවරිය ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී මත්පැන් පානය කළ බවට, එහිදී ඇය වෙනුවෙන් සේවය සැපයූ වේටර්වරයා කටඋත්තරයක් ලබාදී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

අනතුර  සිදුවීමට පෙර දින රාත්‍රියේ අදාළ වෛද්‍යවරිය හෝටලයක කිසියම් පිරිසක් සමඟ සිටින බව කියන සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.ජීවිතක්ෂයට පත් පොලිස් පරීක්ෂකවරයාගේ ඥාතීන් ද, කලුබෝවිල ශික්ෂණ රෝහල ලබාදී තිබූ වාර්තාව සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසක්.

අනතුර සිදුවීමෙන් අනතුරුව කලුබෝවිල ශික්ෂණ රෝහල ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිසිය පාර්ශ්වයෙන් අදහස් පළකෙරුණා.මේ අතර පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ වෛද්‍යවරිය මත්පැන් පානය කර නොමැති බවට අසත්‍ය වාර්තාවක් ලබාදුන් කලුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ද මේ සමබන්ධයෙන් දැනුවත් කරන බවත් අනතුර සිදුකළ වෛද්‍යවරිය සම්බන්ධයෙන්ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.


Under the courtesy of hirufm.lk

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka