Saturday, October 6, 2018

ලිංගික හිරිහැර නිසා දැරියන් දෙදෙනෙක් නිවෙසෙන් ගිහින්

තලාතුඔය පොලිස් වසමට අයත් උඩුවෙල ප්‍රදේශයේ පදිංචි දියණියක් නිවෙසින් අතුරුදන් වී ඇතැයි පියා තලාතුඔය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන කිරීමේදී එම දැරියගේ මිතුරියද අතුරුදන් වෙලා ඇති බව අනාවරණය වීමෙන් පසු ඒ පිළිබඳව අනෙකුත් පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් එම දැරියන් දෙදෙනා බිබිල ලුණුගල ප්‍රදේශයේදී පෙරේදා (03දා) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ලුණුගල නගරයේ නිදැල්ලේ හැසිරෙමින් සිටි මෙම දැරියන් පිළිබඳ සැක සිතූ බුද්ධි නිලධාරියකු මොවුන් ගැන ලුණුගල පොලිසිය දැනුවත් කර තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් දැරියන් තලාතුඔය පොලිසියට රැගෙනවිත් කරන ලද ප්‍රශ්න කිරීමේදී එක් දැරියක්
පවසා ඇත්තේ තමන්ට තාත්තාගෙන් සිදුවන ලිංගික හිරිහැර නිසා ගෙදරින් පැන ගිය බවය.

අනෙක් දැරිය පවසා ඇත්තේ තමන්ට අයියාගෙන් සිදුවන ලිංගික හිරිහැර නිසා තම යෙහෙළිය සමඟ ගෙදරින් පිටව ගිය බවයි. පොලිස් නිලධාරීන් කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තාත්තාගෙන් ලිංගික හිරිහැර වන දැරියට වරින්වර තවත් පුද්ගලයන් පස්දෙනකු ලිංගික අතවර කර ඇති බවයි. එම දැරියගේ මව විදෙස් ගතව ඇති අතර ඇය පියා සමඟ නිවෙසේ ජීවත් වේ.

අයියාගෙන් හිරිහැර වන දැරියට ඇයගේ ලොකු අම්මාගේ පුතකුද වරින් වර ලිංගික හිරිහැර කර තිබේ. ඇයගේ මව වෙනත් ප්‍රදේශයක මෙහෙකාර සේවයේ යෙදෙන අතර ඇය සතියකට වරක් නිවෙසට පැමිණ තිබේ.

මෙම දැරියන් දෙදෙනාටම කාලාන්තරයක් තිස්සේ හිරිහැර සිදුව ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම දැරියන් දෙදෙනාම පසුවන්නේ වයස අවුරුදු 16 බව පොලිසිය කියයි. අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති පො.ප. අරුණ ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් මත උ.පො.ප. ප්‍රියන්ත, තුෂාර, විජේකෝන් යන නිලධාරීන් සහ කාන්තා පොලිස් කොස්තාපල් ගයනි (7045), කුමාරි (5239) යන නිලධාරිනියන් පරීක්‍ෂණ මෙහෙයවති.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka