Thursday, October 4, 2018

හොදටම වැඩි වී මෝටර් රථයෙන් ගොස් පොලිස් නිලධාරියකුගේ ජීවිතය නැති කල වෛද්‍යවරියගේ පැටිකිරිය එළියට

පසුගිය 30 වැනි දින අලුයම බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ දී  විශේෂඥ වෛද්‍යවරියක විසින් පදවාගෙන ගිය වෙසල් වර්ගයේ රථයක් පොලිස් පරික්‍ෂකවරයාගේ පුතු පදවාගෙන ආ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් පොලිස් පරීක්‍ෂකවරයා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලැබූවා.

මෙම සිද්ධිය සම්බන්ධ ජීප් රථය පැදවූ වෛද්‍යවරිය රත්නපුර මහ රෝහලට අනුයුක්තව සේවය කළ විශේෂඥ වෛද්‍ය නිලානි කාංවිගා ගුණවර්ධන (39)  වන අතර අනතුර සිදුවන අවස්ථාවේ මෙම වෛද්‍යවරිය අධික ලෙස බීමතින් රිය පැදවූ බව පොලිසිය සිදු කළ පරීක්ෂණ වලින් සනාථ වී තිබෙනවා. එමෙන්ම ගල්කිස්ස හෝටලයකින් මත් පැන් බෝතලයක් හා බියර් කෑන් දෙකක් මිලදී ගත් බවට සාක්ෂි තිබෙන අතර ඇය සමග පැමිණි සංගීත කන්ඩායකම සාමාජිකයා හා කාන්තාව බියර්
පානය කර තිබෙන බවත් සදහන්. එමෙන්ම මෙම වෛද්‍යවරිය මත්පැන් පානය කර ඇති බව පොලිසියට තහවුරු වී තිබෙන අතර ඒ බව  අධිකරණයටද දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරිය බීමතින් සිටියාද නැද්ද යන්න ගැන හෙළී කිරීමේදී මෙම පරීක්ෂණයේදී ගැටලු කාරී වූ බවත් අනතුරත් සමඟ ජීප් රථය පැදවූ සැකකාර වෛද්‍යවරිය මත්පැන් පානය කර ඇත්දැයි දැන ගැනීම සඳහා කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයකු වෙත ඇය ඉදිරිපත් කළද මත්පැන් ගඳ වහනය නොවන බවට ඔහු සිය වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බවද පොලිසිය පවසනවා. පසුව පොලිස් නිලධාරීන් වෛද්‍යවරියට ඇල්කෝලයිසරයකට පිඹීමට සලසාදීමෙන් අනතුරුව ඇය මත්පැන් පානය කර ඇති බැව් අනාවරණය කරගත් බව පොලිස් නිලධාරියෙක් පවසනවා.  ඇය වෛද්‍ය ක්ෂෙත්‍රයේම කෙනෙකු නිසා කළුබෝවිල වෛද්‍යවරයා සාවද්‍ය වාර්තාවක් ලබාදෙන්නට ඇතැයි හෝ ගඳ වහනය නොවන නමුත් මත්වන ඇල්කොහොල් වර්ගයක් ඇය පානය කර ඇතැයි ඒ අනුව සැක මතුවේ.. කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ පොලිසිය සොයාගත් දත්තයි.

වාහනයේ සංගීත කණ්ඩායමක තරුණියක හා තරුණයන් දෙදෙනෙකුද රැගෙන අධික වේගයෙන් ඇය රිය පදවා තිබේනවා.  ඔවුන් මෙලෙසින් බීමතින් අධික වේගයෙන් පැමිණ ඇත්තේ පෞද්ගලික සාදයකට යාමට යයි සැක කරන බවත් සදහන්.

එක් අයෙක් ගල්කිස්ස ප්‍රදේශයේ කැරොකේ සමාජ ශාලාවක ගායිකාවක ලෙස සේවය කරන්නියක වන අතර අනෙක් තරුණයින්ද එහි සංගීත ශිල්පීන් බව සදහන්.

සැකකාර වෛද්‍යවරියට සුළු තුවාල සිදුවූ අතර නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 09 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කර තිබෙනවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka