Friday, October 5, 2018

තම බිරිඳ සමග පැවැත්වූ අනියම් ඇසුරේ කතාව කෝල් එකෙන් සවන් දුන් සැමියා, මන්නයෙන් කොටා අනියම් සැමියා අවසන් ගමන් යැවු හැටි හෙළිවෙයි

කොස්වැටිය තිත්තවැල් පොත පාරේ කවුදෝ මරා දාලා....‘ පොලීසියට ලැබුණු පණිවිඩය එයයි. ගොඩකවෙල ඇඹිලිපිටිය පාරේ කිලෝමීටර් 11ක් ගිය තැන කොස්වැටිය ප්‍රදේශය හමුවෙනවා. එතනින් කිලෝමීටර් 3ක් ගිය තැන තිත්තවැල්පොත පාරේ ලේ විලක් මැද පුද්ගලයෙක් වැටී සිටියා. ඔහු ඒ වෙනකොටත් මිය ගිහින්. ස්ථානාධිපති අණ පරිදි සිද්ධිය වූ තැනට ආරක්ෂාව තර කෙරුණා. මියගිය පුද්ගලයා හඳුනා ගැනීම සඳහා අපමණක් උත්සහ කළත් පොලීසියට කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. ඒ අතරතුර ස්ථානාධිපතිවරයාට ජංගම දුරකථනයක නාදයක් ඇසුණා. ඒ පාරෙන් පිටත් ඇති තණ පියලි
අස්සෙන්.

‘කවුද ඔය...?‘ ස්ථානාධිපතිවරයා ඇමතුමට පිළිතුරු දුන්නා.

‘ඔය කවුද කතා කරන්නෙ...?‘ ඇමතුම දුන් පුද්ගලයා ප්‍රශ්න කළා.

‘කෝ එතකොට ධනංජය අයියා.....?‘

‘එයාට පොඩි කරදයක් වෙලා. කවුද මේ කතා කරන්න

‘මම ඔය අයියා යන බස් එකේ ඩ්‍රැයිවර්...‘

අනතුරුව එම පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධය සිදුවු ස්ථානයට කැඳවා ගත්තා. මරා දැමුණු පුද්ගලයා ධනංජය බව, ඔහු හඳුනා ගත්තා. ඉන් අනතුරුව අපරාධය පිළිබඳව තොරතුරු ඔහුගේ බිරිඳට දැන ගැනීමට ලැබුණා. බිරිඳත් තවත් පිරිසකුත් සිද්ධිය වූ තැනට පැමිණියා. ඒ අනුව මිය ගොස් සිටින්නේ ගොඩකවෙල බලවින්න ප්‍රදේශයේ පදිංචිව හිටපු තිස් හතර හැවිරිදි දනුෂ්ක ධනංජය බණ්ඩාර ලෙස හඳුනා ගත්තා. විවාහකයකු වූ ඔහු එක්දරු පියෙක්.

පසුව සිද්ධිය වු ස්ථානයට පැමිණි පොලිස් අධිකාරි නිශ්ශංක මහතා අදාළ ස්ථානය නිරීක්ෂණය කොට විමර්ශන සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඉන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය ඇඹිලිපිටිය රෝහලේදී පැවැත්වුණා. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ තීරණය වූයේ ධනංජය මරණයට පත්ව ඇත්තේ අධික ලෙස රුධිරය වහනය වීම නිසා බවයි. මෙහිදී වෛද්‍යවරයා සඳහන් කළ වැදගත්ම කරුණ වුයේ මෙවන් ඝාතනයක් තනි පුද්ගලයෙකුට කළ නොහැක යන්නයි. ඒ ගැන සොයා බලන ලෙස ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබුණා.

ඉන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත ස්ථානාධිපතිවරයා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළා. ඔවුන් මුලින්ම විමර්ශනය සඳහා තෝරා ගත්තේ ධනංජයගේ නිවසයි. එහි ගිය පොලිස් නිලධාරින්ට දැක ගැනීමට ලැබු‍ණේ නිවසේ දොරටු විවෘතව, විදුලි පහන්ද දැල්වී ඇති ආකාරයයි. පසුව අනාවරණය වුයේ, ධනංජය හා බිරිඳ අතර නිතරම පාහේ අඬදබර ඇති වන බවයි. දින කිහිපයකට ප්‍රථම එසේ සිදු වු ආරවුලක් දුර දිග යාමෙන් ධනංජයගේ බිරිඳගේ පියා නිවසට පැමිණ බිරිඳ හා දරුවා රැගෙන ගිය බව මේ අනුව හෙළිවුණා. ධනංජයගේ බිරිඳගෙන් ප්‍රශ්න කළඳ ඒ සම්බන්ධව ඇයද කිසිවක් නොදැන සිටියා.

ඉන් අනතුරුව ස්ථානාධිපතිවරයා අවධානය යොමු කළේ හමුවු ජංගම දුරකථනය වෙතයි. එහි විස්තරාත්මක තොරතුරු කිහිපයක් ලබා ගැනීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයාට තවත් පුද්ගලයෙකුගෙන් මේ සම්බන්ධ තොරතුරුක් ලැබුණා. ‘ඔය මැරුණ එකා සංඛපාල පැත්තේ ගෑනියෙක් එක්ක යාලුවෙලා ඉන්නේ... පොඩ්ඩක් ඒ පැත්ත බැලුව නම් දෙයක් හොයාගන්න පුළුවන් වේවි..‘ ඉන් අනතුරුව දුරකථන විශ්ලේෂණ වාර්තාවට අනුව හෙළිවුණේ ධනංජය 19 වැනිදා අළුයම තෙක් එකම නොම්බරයක් සමඟ දිගින් දිගටම සම්බන්ධ වී ඇති බවයි. සංඛපාල වෙත ගිය ස්ථානාධිපතිවරායා ඇතුළු පිරිස ඉන්පසුව ධනංජය අනියම් සම්බන්ධතාවයක් පැවැත්වුවා කියන කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම පටන් ගත්තා.

‘අපිට බොරු කරන්න හදන් එපා. අපි මෙහේ ආවේ ඔක්කොම හොයාගෙන. බොරු කිව්වොත් තමුන්ටත් හිරේ යන්න වෙයි....‘

‘කාගෙද මේ නොම්බරේ...? තමන්ගේ ෆෝන් එකේ නොම්බරේ මොකද්ද...?‘

ස්ථානාධිපතිවරයා සියල්ල දත් සේ රඟදැක්වීම කළ නිසා ඇය භිතියට පත් වුණා. ඉන්පසු එදා සිදුවු සියල්ලම එකක් නෑර ඇය විසින් හෙළි කළා. ඊට තම සැමියාද සම්බන්ධ බව ඇය කියා සිටියා.

‘වෙන කවුද ගියේ...?‘

එහදී ස්ථානාධිපතිවරයාට මතකයට නැඟුණේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වු තොරතුරුයි. එනම් මෙම ඝාතනය තනි අයෙකු සම්බන්ධ එකක් නොවේ.

‘ඔව් මහත්තයෝ එදා අපේ මහත්තයා එක්ක අපේ චූටි මල්ලිත් ගියා...‘

‘එයා මොකටද ගියේ....?‘

‘එයාගේ බයික් එකේ තමයි මහත්තයා ගියේ....‘

‘කෝ මහත්තයා......?‘

‘එයාගේ අත් දෙක කැඩිලා තියෙන්නෙ... අත්වලට බෙහෙත් දාන්න බලංගොඩ ගියා. තවම ආවේ නැහැ....‘

  ඇය සිදුවු සියල්ලක්ම හෙළි කළේ ඒ ආකාරයෙන්.

‘මම රංජිත්ව බැන්ඳේ ප්‍රේම සම්බන්ධයකින්. ඒ අතරෙ මම රට ගියා. ඉන් පස්සේ මම ලංකාවට ඇවිත් ආච්චිලාගේ ගෙදර තමයි හිටියේ. එතකොට රංජිත් කොළඹ කඩයක වැඩ කළා. ඒ අතර මාව බලන්නත් ආවා. ඒ ආපු හැම වෙලාවේම අපි අඹු සැමියන් විදිහට හිටියා. ඔය අතරේ මට දරුවෙක් ලැබෙන්න ආවා. මම ඒ බව රංජිත්ට කිව්වා.

පස්සේ අපි විවාහ වුණා. ලොකු දුව ලැබුණා. පස්සෙ රංජිත් ජේසීබී එකක වැඩ කළා. අපි ගෙයක් හදලා එහි පදිංචි වුණා. දෙවැනි දරුවත් ලැබුණා... මගේ ස්වාමිපුරුෂයා නිතරම ගංජා බොනවා. ඒ නිසා අපි දෙන්නා අතරේ ආරවුල් ඇතිවුණා. ඒකට තවත් හේතුවක් තිබුණා. මගේ මහත්තයාට මාත් එක්ක ඉන්න කිසිම ආසාවක් නැහැ. එයා විකෘති දේවල්වලට පුරුදු වෙලා. මම ඒකට කැමති නැහැ.....‘දිගින් දිගටම තම පුරුෂයා සමඟ ඇය ආරවුල් ඇති කරගත් අතර හදිසියේම ඇගේ දෙනෙත්වල පෙනීමේ අඩුකමක් ඇතිවෙලා තිබුණා. ඒ සඳහා ප්‍රතිකාර ගන්න ඇය ඇඹිලිපිටිය රෝහලට ගියේ, ඇඹිලිපිටිය ගොඩකවෙල බස් රියෙන්. ධනංජය ඇයව හඳුනගන්නේ එවන් ගමනකදී. ධනංජය තමයි මේ බස් රථයේ කොන්දොස්තරවරයා. ඉන් අනතුරුව මේ දෙදෙනා අතර සමීප සම්බන්ධකමක් ගොඩ නැඟි තිබෙනවා. මුලින් දුරකථන හුවමාරු සිදු වු අතර පසුව ගොඩකවෙල පාසල ළඟදී ඔවුන් මුණ ගැසී තිබෙනවා. දරුවා පාසලට ඇරලවා ඇය එනතුරු ධනංජය ත්‍රීවිලයකින් ඒ අසළට පැමිණ ඇයව මුණ ගැහෙනවා. අනතුරුව ඈ කැටුව හෝටල් කාමරයකට ගිය ඔහු ඇය සමඟ රිසි සේ හැසිරුණා. තම සැමියාගෙන් නොලද දේ ධනංජයගෙන් සෙව්වද වැඩි කල්නොගොස් මේ ගැන සැමියාට දැනගන්නට ලැබුණා. ඒ සමඟින් නිරන්තරයෙන් ඇයව සැක කළ රංජිත්, ඇගේ කලවා සිගරැට්ටුවකින් පුළුස්සා හරින්නේද මෙම ආරවුල් නිසයි.

‘මට ඇත්ත කියපන්. නැතිවුණොත් මම උඹවයි උඹේ අම්මවයි දෙන්නවම මරනවා....‘

සැමියා බිරිඳට තර්ජනය කළේ එසේ කියමින්. ඇයට ගැලවීමක් නැති තැන ඈ සියල්ලක්ම තම සැමියාට හෙළි කරන්න තීරණය කරනවා. ‘ඔය අතරේ දවසක් මට මහත්තයා කිව්වා මගේ ඉස්සරහ ධනංජයට කතා කරන්න කියලා. මාව මරයි කියන බයට ධනංජයට කතා කළා. මේ මුකුත් ධනංජය දන්නෙ නැති නිසා එයා එක එක දේවල් කියනවා. ඒ කතා සේරම මහත්තයා ෆෝන් එකෙන් රෙකොඩ් කළා.. ඒ වගේම මම මුකුත් ධනංජයට කිව්වොත් මාවත් අපේ අම්මවත් මරනවා කියලා එයා මට තර්ජනය කළා...‘

එහෙත් කොයි මොහොතක හෝ තමගේ සැමියා ධනංජයට කරදරයක් සිදු කරාවී යන සිතුවිල්ල ඇගේ හිතේ තිබුණා. එයට තවත් හේතුවක් වුණේ ඔහු මන්නයක් ගෙනවිත් එය මුවහත් කොට ඇඳ යට තබා තිබුණු නිසයි. ඒ නිසාම ඇය සිටියේ මර බියෙන්.

‘ඇක්සිඩන්ට් එකක් වෙලා එයාගේ අත් දෙකම කැඩිලා තිබුණේ. දවසක් මහත්තයා මට කිව්වා එයාට නාගන්න ග්ලවුස් දෙකක් ගෙනත් දෙන්න කියලා. මම එතකොට කිව්වා මෙහේ ග්ලවුස් නැහැ ඉන්න මම නාවන්නම් කියාලා. එතකොට එයාට කේන්ති ගිහින් මට කිව්වා ප්‍රශ්න අහන්නේ නැතුව කඩේට ගිහින් අත් ග්ලවුස් දෙකක් ගෙනෙන් කියලා. පස්සේ මම ඒක ගෙනත් දුන්නා....‘

‘ඒක නෙවේ, එදා මොකද වුණේ...?‘

ස්ථානාධිපතිවරයා ඇගෙන් ඇහුවා.

‘එදා මට කිව්වා ධනංජයට කෝල් කරන්න කියලා. මම ධනංජයට කතා කළා. ඊට කලින් දවසක් ධනංජය කෝල් කරලා මගෙන් සල්ලි වගයක් ඉල්ලුවා. ඒක මහත්තයාට ඇහුණා. ඒ පාර මහත්තයා කිව්වා ඒ සල්ලි දෙන්නම් කියලා ඌට එන්න කියන්න කියලා....‘ ‘මම ධනංජයට කිව්වා සල්ලි දෙන්න එන්න කියලා. මම ඉන්නේ යාළුවෙක්ගේ ගෙදර එහාට එන්න කිව්වා. එයා කිව්වා රෑ නවය වෙනකොට එන්නම් කියලා. මම කිව්වා පුළුවන් ඉක්මනට එන්න කියලා. ඉන් පස්සේ මහත්තයා ඉස්සරහ අපි දෙන්නා දිගින් දිගටම කතා කළා. ඒ ඔක්කොම මහත්තයා අහගෙන හිටියා.....‘ ‘මම ඕකාගේ අතක් කකුලක් කඩන්නම් බස් එකේ වැඩ කරන්න බැරි වෙන්න..‘ රංජිත්ගේ සැලසුම වී තිබුණේ බිරිය ලවා රංජිත්ට පහර දීමයි. එම සැලැස්මේ හැටියට ඔහු මන්නා පිහියද සුදානම් කොට, බිරිඳගේ සොහොයුරාද සිද්ධියට සම්බන්ධ කරගත්තා.

සොහොයුරාගේ මෝටර් රථයෙන්ම ධනංජය එනවා කී ස්ථානයට ඔවුන් පිටත් වී තිබුණා. ‘ඒ යන ගමන් මහත්තයා මට කතා කරලා කිව්වා ධනංජය එක්ක දිගටම කතා කරලා එයාව තිත්තවැල්පොත පාරට එවන්න කියලා. ඒ නිසා මම ධනංජයට දිගටම කතා කළා. කතා කරලා එයා ඉන්න තැන මහත්තයාට කිව්වා....‘ තිබු මරණ බිය නිසාම ඈ එසේ කළ බවයි ඈ කියන්නෙ. ‘ඔය අතරේ ධනංජය ඒ කියන තැනට ඇවිත් මට කතා කරලා කිව්වා, කොහෙද ඔයා ඉන්නේ. මම ඔයා කියපු තැනට ඇවිත් ඉන්නේ. මට හොයාගන්න බැහැ. ඒ නිසා මම යනවා කියලා. ඒත් එක්කම මට අම්මෝ කියලා කෑ ගහන සද්දයක් අහන්න ලැබුණා. ඊට පස්සේ මම ධනංජයේ ෆෝන් එකට ගත්තත් ඒක වැඩ කළේ නැහැ. පස්සේ මහත්තයා මට කතා කරලා කිව්වා මගේ ෆෝන් එක ඕෆ් කරන්න කියලා....‘

‘එතකොට මහත්තයා ගෙදර ආවේ නැද්ද..?‘ ස්ථානාධිපතිවරයා ඇගෙන් විමසුවා.

‘මල්ලිත් එක්ක තමා ආවේ. එයා මහත්තයව බස්සලා ගෙදර ගියා. පස්සේ මහත්තයා මට කිව්වා උඹ මගෙන් මුකුත් අහන්න එපා කියලා. මම ඉන් පස්සේ ධනංජයගේ ෆෝන් එකට ගත්තා. රිං වුණා මිසක් ආන්සර් කළේ නැහැ. එයා පහුවදා උදේ මට කතා කරලා කිව්වා අරූව මැරුවා කියලා. මට රෙදි ටිකක් ලෑස්ති කරලා දීපන් කිව්වා. පස්සේ එයා ඒවත් අරන් යන්න ගියා. ඒ යන්න කලින් මගේ ෆෝන් එක ගෙදර පිටිපස්සේ තියෙන කුණුවලට විසි කළා...‘පොලීසිය ඉන්පසුව ඇගේ සොහොයුරාව හොයාගෙන ගියා.

ඔහු ඔහුගේ බිරිඳගේ නිවසේ සිටියදි අත්අඩංගුවට පත්වුණා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදි ඔහු කියා තිබුණේ මරණ බිය නිසා මස්සිනාගේ කීමට අවනත වූ බවයි. මස්සිනාගේ උපදෙස් මත මෝටර් සයිකලයක් ගෙනවිත් ඔහුද රැගෙන තිත්තවැල්පොතට ගියද අතරමඟදී මස්සිනා බයිසිකලයෙන් බැස ගිය බවත් තමා සිද්ධිය නොදුටු බවත් ඔහු ප්‍රශ්න කිරීම්වලදි හෙළිදරව් කළා.

පොලිසීය ඊළඟට හැරුණේ සැකකරු වන රංජිත් වෙතටයි. ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත ඔහුව කොටු කර ගැනීමට පොලීසිය සමත් වුණා. ‘මම ඇඹිලිපිටය රත්නපුර බස් එකේ කොන්දොස්තර විදිහට වැඩ කරන්නෙ. මගේ පවුලගේ අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා මම දැනගත්තා. ඒ මීට මාස දෙකකට කලින්. මම මේ ගැන පවුලගෙන් ඇහුවා. එයා මට ඔක්කොම විස්තරේ කිව්වා. ඒ මීට මාස දෙකකට කලින්. එයත් එක්ක හිටිය ඒවත් කිව්වා. මම පවුලට කිව්වා ධනංජයට ඇහෙන්න කතා කරන්න කියලා. මට ඒ කතා කරපුවා ඇහෙනකොට කේන්ති ගියා. එදා 19 වැනිදත් මම කිව්වා ධනංජයට කතා කරන්න කියලා. කතා කරලා කොස්වැටියට ගෙන්නලා දෙන්න කියලා. මම ඌව මරන්න මාස දෙකකට කලින් මන්න පිහියක් ගෙනල්ලයි තිබුණේ. මම ඒක මුවහත් කරලා ගෙදර ගෙනත් තිබ්බා. ඒක ගත්තේ රත්නපුරේ පතල් බඩු කඩේකින් රුපියල් 1300ක් ගෙවලා. මම ගෑනිගේ මල්ලිට කිව්වා ධනංජය මරන්න යන්න මට වාහනයක් නැහැ ඒ නිසා බයික් එකක් අරන් වරෙන් කියලා...‘

ඒ අනුව අදාළ ස්ථානය ගිය විට ධනංජය එන අයුරු රංජිත් දැක තිබුණා. පසුව බිරිඳගේ සොහොයුරාට ඉදිරියට යන ලෙස පවසා ධනංජය අසළට ගොස් පළමු මන්න පහර ඔහුගේ අතට එල්ල කර තිබෙනවා. එහිදි අම්මෝ කියමින් ධනංජය බිම පතිතව ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය ද කැලෑවට විසිවී ගොස් තිබුණා. අනතුරුව නැවතත් මන්න පහරකිහිපයක් එල්ල කළ රංජිත් මල්ලිගේ බයිසිකලයේ නැඟි නිවසට පැමිණ තබෙනවා. සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඝාතනය කළමොහොතේ ඔහු අතේ තිබු ග්ලවුස් දෙක, මුහුණු ආවරණයක් හා වැලි ගොඩක සඟවා තිබු ඝාතනයට උපයෝගී කරගත් මන්නයද පොලීසිය විසින් සොයාගත්තා. සිද්ධීය සම්බන්ධයෙන් සැකපිට අතඅඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට අමතරව ආධාර අනුබල දීම යටතේ බිරිය හා සොහොයුරාද අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ තිබෙනවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka