Monday, October 1, 2018

වැරදීමකින් තැබූ වෙඩිල්ලකට වැලිගම්පිටියේ දී කතක් බිලි.

කොළඹ මීගමුව ප‍්‍රධාන මාර්ගයේ වැලිගම්පිටිය මංසන්ධිය අසලදී ඊයේ දින (30 වැනිදා) දහවල් 12.00 ට පමණ එල්ල වුණු වෙඩි ප‍්‍රහාරයකින් මෝටර් රථයක් පදවමින් සිටි කාන්තාවක මියගොස් ඇත. වෙඩි ප‍්‍රහාරය එල්ලවී තුවාල ලැබූ ඇය ජාඇල රෝහලට රැගෙන යෑමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගිලන් රථයකින් රාගම රෝහලට ඇතුළත් කරන ලදී. මෝටර් රථයට වෙඩි තබන අවස්‌ථාවේ ඇගේ දියණියද එහි ඉදිරි අසුනේ සිට ඇති අතර ඇයට හානියක්‌ සිදුව නැතැයි පොලිසිය පවසයි.

මේ අතර ජාඇල පොලිසියට පැමිණි ක්‍රිෂාන්ත අජිත් කුමාර නමැති අය කටඋත්තරයක්‌ ලබා දෙමින් පවසා ඇත්තේ තමාට එරෙහිව විභාග වන නඩු කීපයකට අදාළව මිනුවන්ගොඩ ගම්පහ හා පෑලියගොඩ
පොලිස්‌ ස්‌ථානවලට ගොස්‌ අධිකරණ නියෝග මත අත්සන් තබා නැවත කොළඹ මීගමුව පාරේ මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක්‌ මෝටර් රථයකින් ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී තමා පැමිණි මෝටර් රථය හඹා ආ බවත් තමා පැමිණි මෝටර් රථයට සමාන තවත් මෝටර් රථයක්‌ එම ස්‌ථානයේ ගමන් කරන විට එම පිරිස ඊට වෙඩි තැබූ බවත්ය.

ඔහුට විරුද්ධව ගම්පහ ඔස්‌මන්ට්‌, දෙමටගොඩ චමින්ද හා බෝල සමන් යන අයට වෙඩි තැබීම සම්බන්ධව නඩු කිහිපයක්‌ අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.මෝටර් රථය හඳුනා ගැනීමට නොහැකිව වැරදීමකින් මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය සැක කරන අතර මෙම වෙඩි තැබීමෙන් මියගොස්‌ ඇත්තේ ජාඇල වැලිකුරුඳුවත්ත අංක 95 නිවසේ පදිංචිව සිටි රසිකා රොසෙල් (40) නමැති අයයි.

සිද්ධිය වන අවස්ථාවේදී මියගිය කාන්තාවගේ 13 හැවිරිදි දියණියද වාහනයේ සිට ඇති අතර සිද්ධියෙන් දරුවාට අනතුරක් සිදුවී නැත.මෙම මව හා දියණිය මෝටර් රථයෙන් නිවසේ සිට ජාඇල ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ ව්‍යාපාරික කටයුත්තක්‌ සඳහා බව වාර්තා වේ.

බී. ටී. කේ. ජාඇල - අතිරේක, කඳාන - රුක්මන් පින්තු


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka