Sunday, September 30, 2018

නුවරඑළියේ ඇස් ලෙඩ්ඩු නිලංකාර කරපු බෙහෙත මොකක්ද?

නුවරඑළිය රෝහ‍ලේ අක්ෂි සායනයට ඉකුත් දා රෝගීන් පැමිණියේ වෙනදා මෙන් ඇස්වලට ප්‍රතිකාර ගැනීමටය. එහෙත් ඔවුන්ට ලබා දුන් ඖෂධය මගින් ඇස් අන්ධභාවයට පත් වන්නාක් මෙන් දැනුණු පුවතක් පැතිර ගියේ හද කම්පා කරවමිනි. අක්ෂි සායනයට පැමිණී රෝගීන්ට ලබා දුන් එන්නත විස වීමෙන් ඇසේ අධික වේදනාවත් පෙනීමේ දුර්වලතාවත්  ක්ලාන්ත ගතියත් මතු වූ බව සායනයට පැමිණි රෝගීන් පැවසුවේ  තදින් ඇස් වසාගෙනය.

කෙසේ නමුත්  දියවැඩියා රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ ඇස්වල ඇතිවන අධික රුධිර පීඩනය හේතුවෙන් ‍ලේ කැටි සිරවීමේ තත්ත්වයන් ඇති වන්නේ නම් එය වළක්වා ගැනීම සඳහා මෙම එන්නත ලබා දෙන්නේය. මසකට වරක් සායනය තුළදී  දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා
කර බලා මෙම එන්නත ලබා දිම සාමාන්‍ය තත්ත්වය නමුත් ඉකුත් දා ලබා දුන් එන්නත හේතුවෙන් රෝගීන්ගේ රෝගී තත්ත්වය වඩාත් දරුණු වූවේය.

මෙම එන්නත පිළිකා රෝගීන්ගේ අසාමාන්‍ය ෙසෙලයන් වර්ධනය සඳහාද ලබා දෙන එන්නතකි. එක් පිළිකා රෝගියකු වෙනුවෙන් මෙම එන්නත් පහක් හෝ ඊට වැඩියෙන් ලබා දෙන නමුත් අක්ෂි රෝගීන් හතළිස් දෙනකු  වෙනුවෙන් එක් එන්නතක් භාවිත කිරීම සාමාන්‍ය තත්ත්වය වන්නේය.

ඇසේ රුධිර කැටියන් දියකර හැරීම සඳහා නුවරඑළිය රෝහ‍ලේ අක්ෂි සායනය වෙත පැමිණි රෝගීන් 56 දෙනකුට මෙම එන්නත ලබා දී ඇති නමුත් ඉන් රෝගීන් 24 දෙනකුට සංකූලතාවක් මතු වී ඇත්තේය. මෙම රෝගීන් 24 දෙනාටම  රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූවේය.

රෝගීන් 24 දෙනාගේ ඇස්වල තදබල ගැටලුවක් මතු කළ ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළද අනෙකුත් රෝහල්වල එම ඖෂධය තවදුරටත් අක්ෂි රෝගීන් වෙනුවෙන් සහ  පිළිකා රෝගීන් වෙනුවෙන් භාවිත කරන බව අප කළ විමසුමකදී සොයා ගැනීමට හැකි විය.

මේ සම්බන්ධයෙන් අප  රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගෙන් විමසු කළ ඒ මහතා සඳහන් කළේ සංකූලතාවන් ඇති වූ ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බවත් එම ඖෂධ කාණ්ඩයන් රජයේ වෛද්‍ය පර්යේෂණායතනය තුළ පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.

එසේම අනෙකුත් රෝහල්වලින් මෙම ඖෂධය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබි නොමැති නමුත් භාවිතයෙන් ඉවත් කිරීම සඳහා වන චක්‍ර‍ලේඛය නොබෝ දිනකින් නිකුත් කිරීමට කටයුතු කරන්නේ යැයිද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව මෙම සිදුවීමට කිසියම් පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයක් සිදුව ඇද්ද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

ශ්‍රියානි විජේසිංහ


Under the courtesy of www.rivira.lk

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka