Sunday, September 30, 2018

පෙම්වතිය පිටුපෑවැයි පෙම්වතා වස බිලා

වසර 04ක් ඇසුරු කළ පෙම්වතිය වෙනත් අයකු සමඟ සම්බන්ධව තමා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කලකිරුණු තරුණයකු පෙම්වතියගේ නිවස අසල වැව් වේල්ල මත වස පානය කර සිටියදී අලුත් පෙම්වතා විසින් කටු‍පොත රෝහලට ඇතුළත් කොට ඇත. තත්ත්වය බරපතළ බැවින් ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී මියගොස් ඇතැයි කටු‍පොත ‍පොලීසිය පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ රශික නන්දන එදිරිසිංහ නමැති විසිපස් හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණිය සමග මියගොස් සිටින තරුණයා වසර හතරක් පෙමින් බැඳී සිට ඇත.
''මගේ පුතයි ඔය දුවයි දැන් අවුරුදු හතරක විතර ඉඳලා යාළුවෙලා හිටියා. කවදාකවත් තරහ වුණේ
නැහැ. වැඩිහිටියන් වන අපිත් ගෙවල් දෙකට ආව ගියා. බොහොම සුහදව සිටියා. දැන් මාස හයක විතර ඉඳන් ඔය දුව කොස්දෙණිය පැත්තේ තරුණයෙක් එක්ක යාළුවෙලා කියලා අපේ ළමයා මට ඇවිත් කිව්වා. ඊට පස්සේ අපේ ළමයා නාරම්මල ‍පොලීසියේ ඔය ළමයට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා. ඒකේ විභාගයට දුව ආවේ නැහැ.
ටික දවසකට පස්සේ දුව ගිහිල්ලා නාරම්මල ‍පොලීසියේ පැමිණිල්ලක් දාලා තිබුණා. ඒක විභාගය පසුගිය 23 වැනිදා තිබ්බා. ඒ වෙලාවේ ‍පොලීසියෙන් මගේ පුතාට කියලා තිබුණා ආයේ එහෙ යන්න එපා කෝල් දෙන්න එපා කියලා. පුතා ගෙදර ඇවිත් කල්පනා කර කර ඉඳලා ලොරියේ රෝදවලට හුළං ගහන්න යනවා කියලා ගියා. සවස මට ආරංචි වුණා පුතා වස බිලා කුරුණෑගල රෝහ‍ලේදී මිය ගිහින් කියලා.'' යැයි මරණකරුගේ මව වන රීටා කරුණාවතී (අවු.65) සාක්ෂි දෙමින් පැවැසුවාය.
මියගොස් සිටින රශික නන්දනගේ මරණය සැක සහිත බව ඔහුගේ මව සහ සොහොයුරකු පවසා ඇත. ඒ අනුව කටු‍පොත ‍පොලීසිය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් චම්පික මහතාගෙන් ලබා ගත් නියෝගයක් අනුව කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේදී ඉකුත් 25 දා මෘත ශරීරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී.
කුලියාපිටිය ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්ලිව්.ඇම්.ජී. ඉලංගරත්න බණ්ඩාර මහතා විසින් මෘත ශරීරය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදු කරන ලද අතර එහිදී මියගොස් සිටින පුද්ගලයාගේ ශරීරයේ කිසිම තුවාලයක් නොමැති බවත්, මොහු සුදු පාට දියරයකින් මිලිලීටර් 150ක් පමණ බි ඇති බවත්, මෙම වස පානය කර පැය 2ක් තුළදී මියගොස් ඇති බවත් වෛද්‍ය වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව මෙම මරණය වස පානය කිරීමෙන් සිදු වූ මරණයක් බවට කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක ආර්.යූ.ඩී.කේ. අමරසිංහ මහතා විසින් තීරණය කර ලදී. කටු‍පොත ‍පොලීසියේ ‍පොලිස් සැරයන් (18179) දයාරත්න මහතා විසින් සාක්ෂි මෙහෙයවන ලදී.

කේ.ඒ. ජයසූරිය - පඬුවස්නුවර 

under the courtesy of www.lakbima.lk


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka