Sunday, September 30, 2018

ජාන තාක්ෂණ විද්වතෙක් වෙන්න ඕස්ට්‍රේලියාවට ගිය හර්ෂනී වසර 14ක් ඇදට සීමා කල හද කම්පා කරවන කතාව

මේ ගැණු ළමයාගේ තාත්තා පොලිසියේ මහත්තයෙක්.අම්මා මැහුම් පාඨමාලා පිලිබඳ ගුරුවරයෙක්.සාමාන්‍ය පවුලක්. ජාන තාක්ෂණය ඉගෙනගන්න අසාවෙන් අපේ කතා නායිකාව අමාරුවෙන් ඔස්ට්‍රේලියාවට යනවා.අම්මලා තාත්තලා ගොඩක් ආසයි තමන්ගේ ළමයි කොච්චර නැති බැරිකමකින් හරි උගන්නන්න.

ඉතින් මේ වෙනකන් හැමදේම ලස්සනට හර්ෂනිගේ ජීවිතේ වෙනවා.ඒ හැමදේම වෙනස් වෙන්න ගියේ සති දෙකක කාලයක්.එකදවසක් උදේ වරුවක හර්ෂනී පාඩම් කරනකොට මෙයාගේ මේසේ තියෙන පෑණ අරන් සටහනක් ලියන්න හදද්දී හර්ෂනිගේ අතින් පෑන එක පාරට බිම වැටිලා
තියෙනවා.මේක හිතන්නේ නැතුව ආයේ පෑන අතට ගත්තත් දෙපාරක් තුන්පාරක් උත්සාහ කරලා තමයි ලියන්න හදලා තියෙන්නේ.

ඉතින් හර්ෂනී අම්මලා තාත්තලට කියලා තියෙනවා මෙහෙම පෑන අහු වෙන්නේ නෑ අතට කියලා.එහෙන් දොස්තර වරුන්ට කියලා බෙහෙත් ගත්තත් අඩුවක් වෙලා නෑ .

ඒක නිසා 2004 දවසක හර්ෂනී ගෙදර ඒනවා.එතකොට හර්ෂනීට ඇවිදින්නෙ ටිකක් අමාරුවෙන් තනි කකුලෙන් පැන පැන.අම්මලට මේ දුක දරාගන්න බෑ.

ලංකාවට ඇවිල්ලා සති දෙකක් ඇතුලත හර්ෂනී කෙලින්ම ඇඳටම වැටෙනවා හෙමකෙනාගේම හදවත් කම්පා කරමින්.කතා කරගන්න බෑ.ඇඟේ කිසිම අවයවයක් පණ නෑ.මේක මුළු පව්ලේ නෑදෑ අසල් වාසි හැමදෙනාගේම හිත් කම්පා කරනවා.

මේ අම්මලාගේ හැමදේම විකුණලා බෙහෙත් කලත් ඇයට කිසිම සුවයක්ගන්න බැරි වෙනවා.

හර්ෂනිගේ තාත්තා පුදුම ආදරේකින් 2004 ඉඳන් ගෙදරටම වෙලා අම්මයි තාත්තයි පුදුම අමාරුවකින් මේ දරුවාගේ බෙහෙත් අවශ්‍ය දේවල් පිටි ගන්නේ.අදට මේ සිද්ධිය වෙලා අවුරුදු 14ක්.මේ වෙනකල් පුදුම අමාරුවකින් මේ පවුල තමන්ගේ දුව රැක බලාගත්තේ.එත් දැන් ඔවුන්ගේ විකුණන දේවල් හැමදේම විකුණලා කරගන්න කිසිම දෙයක් නැතුව ඉන්නේ.

දවසකට මේ දුවට දොස්තරලා දෙන්න කියන කිරිපිටි එකට විතරක් රුපියල් 2200 වගේ යනවා.මාසෙකට ලක්ෂ එක හමාරක් වගේ දරන්න වෙනවා

මේ වෙද්දී මේ පවුලට කිසිම දෙයක් කර ගන්න බැරුවයි ඉන්නේ.ඊයෙත් මේ නිවසේ බණ වැඩසටනනක් තිබුණ මේ දුව වෙනුවෙන්.

ඔබට හැකිනම් මේ මහඟු පිණට දායක වෙන්න.උප දින ජාති ජාති පිං වැඩෙන පිණක්.නිකමට ගෙදෙට්ට ගිහින් බලන්න තාත්තා හෙලවෙන්නේ නෑ දුව ගාවින්.ඒ අම්මා තමා හැමදේම ගෙදෙට්ට බෙහෙත් දුවට අනික් උවමනා දේවල් අරං එන්නේ.

පුළුවන්නන් කිරි පිටි එකක්වත් අරන් දෙන්න පුදුම පිණක්.සල්ලි වැඩක් නෑ.ඕනි එකම දේ දුව ජීවත් කරන්න රුපියල් 2200 වගේ වෙන පිටි කිරි එක විතරයි.

ඔබ කරන ලොකුම පිණක් වේවි මේක සදහටම.කතා කරලා බලන්න.

නො 25

ප්‍රගති මාවත(පොලිසිය ඉදිරිපිට)
හෝමාගම

Under the courtesy of hirugossip.lk

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka