Friday, October 27, 2017

ඉගිල්ලුණු හරක් ලොරියට අක්කා නගෝ බිලිවෙන හැටි දුටු පොලිස් අයියලා කළ නින්දාසහගත වැඩක් එළියට එයි..!

ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන්ගත් ගුරුවරියක්‌ හා සෞඛ්‍ය විගණන සේවිකාවක්‌ ඊයේ (26 දා) උදේ ජීවිතක්‍ෂයට පත්විය.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු වූ ඔවුන් නොච්චියාගම සිට අනුරාධපුරය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්‌වූහ.

ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්‌
පිටුපස පොලිස්‌ ජීප් රථයක්‌ ලුහුබැඳ යැම නිසා ලොරි රථයේ රියෑදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම කාන්තාවන් ගිය යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. ලොරියද පාරේ පෙරළී තිබුණි.

අනුරාධපුර-පුත්තලම ඒ 12 මාර්ගයේ මහ බුලංකුලම, රජයේ සායනික මධ්‍යස්‌ථානය ඉදිරිපිටදී මෙම අනතුර සිදුවී තිබේ.

රණෝරාව, ගාලදිවුල්වැව, නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයේ සේවයේ නියුතුව සිටි 32 හැවිරිදි ඡේ. ඒ. ජයනී ස්‌වේතා ජයකොඩි සහ නොච්චියාගම අඹගහවැව විද්‍යාලයේ ගුරුවරියක්‌ වශයෙන් සේවයේ නියුතු වූ 29 හැවිරිදි ඡේ. ඒ. සමාධි නවෝද්‍යා ජයකොඩි යන අවිවාහක සහෝදරියන් දෙදෙනා මෙම අනතුරෙන් මියගොස්‌ ඇත.

ගවයන් පටවාගෙන ගිය ලොරි රථය යතුරුපැදියේ ගැටීමට පෙර කැබ් රථයකද ගැටී ඇත. අනතුරුව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී පෙරළී ගොස්‌ අනතුර සිදුව තිබේ.

කැබ් රථයේ රියෑදුරුද අනතුරෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. වවුනියාවේ සිට ජාඇල ප්‍රදේශයට ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථය පොලිස්‌ අණ නොතකා ධාවනය වූ අවස්‌ථාවේ එම රථය පිටුපස පොලිස්‌ මෙහෙයුම් අංශයේ නිලධාරීන් හඹා යද්දී ලොරිය පැයට කිලෝ මීටර් 120 ට පමණ වේගයකින් ධාවනය කර ඇති බව හෙළිවී තිබේ.

අනතුරෙන් ලොරි රථයේ පිටුපස කොටස ගැලවී ගොස්‌ තිබුණි. එහි සිටි ගවයන් 18 දෙනකු පමණ මුදාහැරීමට ගම්මුන් පියවර ගෙන තිබුණි. අනතුර සිදුකළ රියෑදුරු ඇතුළු දෙදෙනකුට ගම්මුන් විසින් දැඩි ලෙස පහරදී ඇත. එම පහරදීමට සම්බන්ධ බව කියන ගම්වාසී තරුණයන් දෙදෙනකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර කලහකාරී ලෙස හැසිරුණු තවත් තරුණයන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

මෙම අනතුර සිදුවන අවස්‌ථාවේ ලොරි රථය පිටුපසින් ලුහුබැඳ පැමිණි පොලිස්‌ මෙහෙයුම් අංශයේ නිලධාරීන් දෙදෙනා අනතුර සිදුවන අයුරු දැක ජීප් රථය හරවාගෙන නැවත පොලිසියට ගමන් කිරීමේ චෝදනාවට ඔවුන් වැඩ තහනමට ලක්‌ කිරීමට උසස්‌ පොලිස්‌ නිලධාරීන් කටයුතු කර තිබුණි. අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියෑදුරා බීමතින් සිටියේද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදුකරන අතර අනතුර සිදුකළ රියෑදුරු ඊයේ (26 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka