යාපනය පොලිසියට ලද තොරතුරකට යාපනය අරියාලෙයි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මවක සහ දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇත.
මෙම පවුලේ පියා මීට මාසයකට පමණ පෙර මුදල් ගැටලුවක් හේතුවෙන් වස පානය කර මියගොස් ඇති බවට අනාවරණ වී තිබේ. අනතුරුව අදාළ නිවසේ ජීවත් වී ඇත්තේ මව, පුතුන් දෙදෙනා සහ දියණියයි.
අද (27) උදෑසන 11.00 ට පමණ අයිස්ක්‍රීම් මිලට ගෙන මව විසින් ඊට වස මිශ්‍ර කර පුතුන් දෙදෙනාට සහ
දියණියට ලබා දී ඇය ද ඒවා ආහාරයට ගෙන ඇති බව මුලික විමර්ශණවල දී හෙළි වී ඇත. අනතුරුව නිවසේ පැදුරක ඔවුන් නිදාගෙන ඇතැයි හෙළි වී තිබේ.මෙම පවුලේ පියා මීට මාසයකට පමණ පෙර මුදල් ගැටලුවක් හේතුවෙන් වස පානය කර මියගොස් ඇති බවට අනාවරණ වී තිබේ. අනතුරුව අදාළ නිවසේ ජීවත් වී ඇත්තේ මව, පුතුන් දෙදෙනා සහ දියණියයි.
අද (27) උදෑසන 11.00 ට පමණ අයිස්ක්‍රීම් මිලට ගෙන මව විසින් ඊට වස මිශ්‍ර කර පුතුන් දෙදෙනාට සහ
නිවසේ කිසිවෙකුත් පෙනීමට නොසිටීම හේතුවෙන් අසල්වැසියෙකු විසින් නිවස පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ සිරුරු දැක ඇති බවට වාර්තා වේ.
මවගේ, පුතුන් දෙදෙනාගේ සහ දියණියගේ නාසයෙන් සහ මුඛයෙන් රුධිරය ගලා විත් ඇති අයුරු දුටු එම පුද්ගලයා අසල්වාසීන් ද දැනුවත් කර පොලිසියට දැනුම් දී තිබේ. පොලිසිය පැමිණ කළ පරීක්ෂාවේ දී අනාවරණ වී ඇත්තේ මෙම 04 දෙනා මියගොස් ඇති බවයි.
මෙම පවුලේ පියා මියගොස් ඇත්තේ ඔහු සේවය කළ රත්‍රන් භාණ්ඩ අලෙවි සැලේ ස්වර්ණාභරණ නිශ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍යයක් පානය කිරීමෙනි.
මියගොස් ඇති කාන්තාවගේ වයස අවුරුදු 28 කි. දියණියගේ වයස අවුරුදු 04 ක් වන අතර පුතුන් දෙදෙනා අවුරුදු 01 සහ 02 වයස්වල පසු වේ.
මෙම කාන්තාවගේ සහෝදරයෙකු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මියගිය සැමියා ලබාගත් ණය තම සහෝදරියගෙන් ඉල්ලා විවිධ පුද්ගලයන් බලපෑම් කිරීම හේතුවෙන් මෙම අපරාධය සිදුකර ගන්නට ඇති බවයි.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් සිය සොහොයුරිය දැඩි සිත් තැවුලකින් ද පසු වූ බවයි. සිද්ධිය පිළිබඳ යාපනය පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.