පසුගියදා මුළු රටේම කතාබහට ලක්වූ කැකිරාව මඩාටුගම රේවත මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවිය තවමත් නිවසට වී පසුවන බව වාර්තා වුණා.
කුසගින්නේ සිටීම හේතුවෙන් වමනය ගොස් පසුව විදුහලේ විනය කමිටුව මගින් ඇය ගැබිනියක යැයි පවසා පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
අදාළ සිද්ධියට මුහුණ දුන් තමන්ට තවමත් පාසලක්
හිමිවී නැති බවයි එම දියණිය පවසන්නේ. දියණියගේ මව පෙන්වා දෙන්නේ සිය දැරිය පාසලට ඇතුළත් කර ගැනීමට කටයුතු කර තිබුණ හොත් පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු පාසලෙන් ඉවත් වන බවට දැනුම් දී ඇති නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවයි.කුසගින්නේ සිටීම හේතුවෙන් වමනය ගොස් පසුව විදුහලේ විනය කමිටුව මගින් ඇය ගැබිනියක යැයි පවසා පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
අදාළ සිද්ධියට මුහුණ දුන් තමන්ට තවමත් පාසලක්
මේ අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් දැරියගේ මවට සහ පියාට ලබන සදුදා දිනයේ කොළඹ මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්දීමක් කර තිබෙනවා.
එම දැරියගේ මව වන ඩී.එම්. සෝමාවතී (57) කිසිඳු දිනක කොළඹ පැමිණ නොමැති බවයි පවසන්නේ. දියණියගේ පියා වන එච්. එන්. කිරිබණ්ඩා (66) කියා සිටියේ තමන් එක්දහස් නවසිය හතළිස් ගණන්වල පුංචි කාලේ කොළඹ ගොස් ඇති බවයි.
බොහෝ දිනවලදී එක් වේලකින් කුස ගිනි නිවා ගන්නා සිය පවුලට කොළඹ යෑම සඳහා මග වියදම් සොයා ගැනීම දැඩි දුෂ්කර බවයි කිරිබණ්ඩා පෙන්වා දෙන්නේ.