Saturday, September 16, 2017

විදුලි වර්ජනය තවදුරටත්

විදුලිබල මණ්ඩල සේවකයින් දියත් කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිත සාගර ලක්මාල් මහතා පවසයි.

තම ඉල්ලීම් සඳහා විසදුමක් ලබාදෙන තෙක් අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන  ඔහු සඳහන් කරයි.මේ අතර ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය අසාර්ථක බව විදුලිබල හා පුණර්ජනණීය
බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ විදුලි ජනනය සහ සම්ප්‍රේෂණය කිසිදු බාධාවකින් තොරව සිදුකෙරෙන බවයි.

බෙදාහැරීම් අංශය ද සියයට 65ක මට්ටමින් ක්‍රියාත්මක බව එම අමාත්‍යංශය නිකුත් කළ  නිවේදනයේ සඳහන්ය.

අතලොස්සක ප්‍රමාණයක විදුලිය බිඳවැටීම් පමණක් වාර්තා වුවද සමස්ථයක් ලෙස රට තුළ බාධාවකින් තොරව විදුලිය සම්පාදනය වන බව විදුලිබල හා පුණර්ජනණීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka