ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලික හේතූන් මත තමාට 27 දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව නීතිඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව දැනුම් දීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක් ලබාදීම සඳහා 27 පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර තිබුණි.
‘සිරිලිය‘ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන් වේ.
පෞද්ගලික හේතුවක් මත අද දිනයේ තමාට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණීමට නොහැකි බවත් ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉල්ලීමක් සිදු කර තිබේ.
Under the courtesy of divaina.lk