කතෝලික පියතුමාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලීසියේ හයදෙනා රිමාන්ඩ්

0

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු  ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා 26 දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, සැකකාර නිලධාරීන් පිරිස ගම්පහ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන 25  දින පස්වරුවේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් කොටදෙණියාවේ පදිංචි මිලාන් ප්‍රියදර්ශන නම් කතෝලික පියතුමෙක් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට 24 දින ඇතුළත්ව තිබුණි.

ඒ, දේවමෙහෙයකට සහභාගී වීමට යතුරුපැදියකින් ඊයේ රාත්‍රියේ ගමන් කරමින් සිටියදී ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී යතුරුපැදිවලින් තමන් ලුහුබැඳ පැමිණි පොලිස් කණ්ඩායමක් පහරදුන් බව පවසමිනි.

ඒ අනුව මීගමුව රෝහලේ 7 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන පියතුමන්ගේ සුවදුක් විමසීමට ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මීගමුව රෝහලට අද පැමිණියහ.

මෙම සිද්ධියට අදාළව සැකපිට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හයදෙනෙකු ගම්පහ පොලීසිය මඟින් අද අත්අඩංගුවට ගත්තේය.

ඒ එම විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකි.

Under the courtesy of sinhala.adaderana.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!