රුපියල් කෝටි විසි පහක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී 11/23 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 25 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකකු වන අතර මෙරටට පැමිණි පළමු අවස්ථාව වෙයි. ඔහු 11/23 දින රාත්‍රී 08.20 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොහු විසින් රැගෙන ආ සිය අත් බෑගයේ චොකලට් අඩංගු ටින් තුළ කොකේන් මත්ද්‍රව්‍ය තොගය කරල් ලෙස සකස් කරවාගෙන තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ .
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .
Under the courtesy of ada.lk
