UPDATE: පුහුණු ගුවන් යානය කඩා වැටීම ගැන සොයන්න ගුවන් හමුදාවෙන් සත් පුද්ගල කමිටුවක්

0

වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේදී අනතුරට පත් ප්‍රහාරක පුහුණු ගුවන් යානය පිළිබද විමර්ෂණය කිරීමට ගුවන් හමුදාව විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කර තිබේ.

ඔහු පැවසුවේ, ගුවන් හමුදාපතිගේ උපදෙස් අනුව හත් දෙනෙකුගෙන් යුක්ත විශේෂ පරික්ෂණ කමිටුවක් මේ සඳහා පත් කර ඇති බව ය.

එම යානයේ ගමන් කළ නියමුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවීම් සඳහා යොදාගනු ලබන K8 වර්ගයේ ගුවන් යානයක් අද (මාර්තු 21) උදෑසන පුහුණුවිමක් අතරතුර කුරුණෑගල වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේදී කඩා වැටිණි.

එම ගුවන් යානයේ සිටි නිලධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්වී කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුටි ආධාරයෙන් ගොඩ බැස ඇත.

මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිලධාරිවරයා ගමන් කර ඇති බව ගුවන් හමුදාව සඳහන් කළේ ය.

ගුවන් හමුදාව වැඩිදුරට ත් පැවසුවේ, මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙන් පෙරවරු 07:27 පමණ ගුවන්ගතවී ඇති අතර පෙරවරු 07:55 පමණ මෙලෙස අනතුරට ලක්වී තිබේ.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!