දකුණු කොරියාවේ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටී 4ක් මරුට

0

දකුණු කොරියාවේ සෝල් අගනුවර ආසන්නයේ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයක කොටසක් බදාදා උදෑසන කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල ය.

සෝල් නගරයට දකුණින් පිහිටි ඇන්සියොන්ග් ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකට ආධාරක වන අඩි 164ක් දිග කොන්ක්‍රීට් ඉරි පහක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගිය සිව්දෙනාගෙන් දෙදෙනෙක් දකුණු කොරියානුවන් වන අතර අනෙක් දෙදෙනා චීන ජාතිකයන් වේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!