රත්ගම දුම්රිය අනතුරින් ත්‍රිරෝද රියේ සිටි දෙදෙනාම මරුට

0

රත්ගම , විජේරත්න මාවත දුම්රිය හරස් මාර්ගය මතින්  ඊයේ(13) පෙරවරුවේ  ධාවනය කරවූ ත්‍රී රෝද රථයක්  මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියෙහි ගැටීමෙන් ත්‍රිරෝද රියේ සිටි රියදුරා ඇතුළු දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූ බව රත්ගම පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිරෝද රියේ රියදුරා වූ දොඩන්දූව ,පිංකන්දේ පදිංචි වඩුගේ ඉඳුනිල් හීල් නැමති 56 හැවිරිදි අයෙකු සහ ත්‍රිරෝද රියේ පසුපස අසුනේ ගමන් ගත් දොඩන්දූව ,පටුවත පදිංචි  පුබුදු චාමින්ද ඇන්තනි නැමති 49 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසීය.

මෙයින් රියදුරා අනතුර සිදුවූ ස්ථානයේම මියගොස් ඇති අතර අනෙකා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇතිබව පොලීසිය පවසයි.

මරණ පරීක්ෂණ සඳහා  දෙදෙනාගේම මෘත ශරීර මේ වන විට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.

මෙම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා ක්‍රියාත්මක වී තිබියදී මෙම ත්‍රිරෝද රිය දුම්රිය මාර්ගය හරහා ධාවනය කර ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන රත්ගම   පොලීසිය පවසයි.

ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!