සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම සමාජ මාධ්‍ය භාවිතා කරමින් කතාබහට ලක්වන විශේෂ චරිත දෙකක්.
ඒ නිසාම විවිධ කතාබහ එක්ක කාලෙන් කාලෙට මේ යුවල ප්‍රේක්ෂකයන් අතරට එනවා.
ඉතින් මේ දිනවල සාරංගයි දිනක්ෂියි වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇඳුමක් සම්බන්ධයෙන්.
ඒ තමයි ඔවුන් පුංචි සාරන්‍යාත් එක්ක ගඟක හෝ ඇලක නාන ඇඳුමෙන් සැරසිලා ඡායාරූපයක පෙනී සිටිනවා.
එම ඡායාරූපයේ ඔවුන්ගේ ඇඳුම් නිසා සමහර ප්‍රේක්ෂකයින්ගෙන් ඔවුන් විවේචන එල්ල වුණා.එවට සාරංගත් සමාජ මාධ්‍ය තුළින්ම ප්‍රතිචාර දක්වන්න අමතක කළේ නෑ.
ඔවුන්ගේ ඇඳුම් සමාජ ජාලා තුළින්ම ප්‍රේක්ෂකයින් විසින් සංස්කරණය කරලා තිබුණා.
ඉතින් එලෙස සංස්කරනය කරපු ඡායාරූපය සාරංගත් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ස්ටෝරීස් වල පළ කරලා තිබුණා.
ඉතින් මේ සිදුවීම මේ දිනවල සමාජ ජාලා තුළ ඔවුන් ගැන දැඩි කතා බහට ලක් වුන මාතෘකාවක් වුනා.
under the courtesy of gagana.lk news web