උසස් පෙළ විභාගය පැවැත්වෙන, පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස දන්වමින් මහජන උපයෝගිතා කොමිසම, විදුලි බල මණ්ඩලයට නැවතත් ලිපියක් යොමු කර තිබේ.
විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් 331,709 දෙනෙකුගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සියලු දෙනාගේ වගකීම බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව, ජනවාරි 26 වන දා සිට පෙබරවාරි 17 වන දා දක්වා විදුලි බලය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා නොදෙන බව ද එහි දැක්වේ.
එම කාලය තුළදී විදුලිය විසන්ධි කළහොත් ලංකා විදුලි බල මණ්ඩලය ඊට නීතිමය වශයෙන් වගකිව යුතු බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ලිපිය පහතින් දැක්වේ.
under the courtesy of ----.lk news web