Tuesday, January 31, 2023

වන අලි ප්‍රහාරයකින් දෙදරු මවක් මරුට – ඇකයේ සිටි කුඩා දරුවා රෝහලේ

මහියංගණ දෙහිගොල්ල ග්‍රාමයේ ඊයේ (30දා) අලුයම නිවසකට වන අලි ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ නිවැසියන් ජීවිත ආරක්ෂාව පතා නිවසින් බැහැරව අසල නිවසකට දිව යද්දී ඔවුන් පසුපස හඹාගොස් පෙරපාසල් වයසේ දරුවෙකු අතැතිව දිව ගිය කාන්තාවට පහරදී පෑගීමෙන් බරපතළ තුවාල ලබා, ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වයස අවුරුදු 35ක් පමණ වන කාන්තාවක් මියගොස් ඇති බවට මහියංගණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගණ, දෙහිගොල්ල, සොරබොර වැව පාර, අංක 01 /299 යන ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක් පමණ වූ ඩී. එම්. සුනීතා දිසානායක නමැති දෙදරු මවකි.

වනඅලියාගෙන් පහරකෑමට ලක්ව තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කිරීම සඳහා, ඇය අසල රැඳී සිටි වන අලියා පන්නා දැමීමට ගම්වාසීන් හට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. ඒ සඳහ ගිනිමැල ගසා ටයර් පුච්චා දැඩි වෙහෙසක් ගෙන වන අලියා පන්නා දැමීමට ගම්වාසීන් කටයුතු කර ඇත. ඇය බිම ඇදවැටී සිටි ස්ථානයට ළඟාවන විටත්, කුඩා දරුවා සුරක්ෂිතව ඇයගේ ඇකයේ දැඩිව අල්ලාගෙන සිට ඇත. මව සමඟ, බිම ඇදවැටීමෙන් දරුවාගේ හිසටද තුවාල සිදුව ඇත.

පසුව ගම්වාසීන් විසින් කඩිනමින් ප්‍රතිකාර සඳහා දරුවා හා මව මහියංගණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මව මියගොස් ඇත. වන අලි ප්‍රහාරයෙන් දෙහිගොල්ල ගම්මානයේ සිදු වූ දෙවන මරණය මෙය වේ.

කාලයක් තිස්සේ බලධාරීන් හට වන අලි ගැටලුව පිළිබඳ කොතෙකුත් දැනුම් දී තිබියදීත්, අවස්ථා රැසකදී වන අලි ගැටලුව පිළිබඳ විරෝධතා දක්වමින් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් එයට විසඳුම් නොදීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මිනිස් ජීවිත වලින් වන්දි ගෙවීමට තමන් හට සිදුව ඇති බවට ගම්වාසීන් ආවේගයෙන් ප්‍රකාශ කරති.

මියගිය කාන්තාවගේ නිවසට අමතරව එම ගම්මානයේම තවත් නිවාස දෙකකටද එදින රාත්‍රි වන අලි හානි සිදු කර ඇත. ඉන් එක් නිවසක බිත්තිවලට බරපතළ ලෙසට හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය යටතේ රාජකාරි කටයුතු සිදු කරමින් ඇත.
මහියංගණ – රංජිත් කරුණාවීර
 under the courtesy of divaina.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka