විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙරටට ඉන්ධන ලබා ගැනීම පිළිබඳව කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරායා හමු වී සාකච්ඡා කර තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෙට්‍රෝලියම් සහ ගෑස් සැපයුම සඳහා ලබා දිය හැකි ණය පහසුකම් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ය.
වෛද්‍ය සැපයුම් සඳහා මුදල් වෙන් කර ඇති බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සහය වෙමින් ණය පහසුකමක් සඳහා වන ඉල්ලීම සලකා බලන බව ත් එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.